spot_img

ආදුනිකයන්ගේ පුහුණුවට දුන් ටැබ් යන්ත්‍ර, නිලධාරීන්ගේ නිවෙස්වල

පුවත්

විදෙස්

ජාතික ආදුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට ලැබුණු ටැබ් යන්ත්‍ර 950ක් එම අධිකාරියේ නිලධාරීන් විසින් බෙදාගෙන තිබීම හේතුවෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වී ඇතැයි විගණන වාර්තාවක සඳහන් වෙයි.

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ සේවයෙන් ඉවත් වූ නිලධාරීන් 35 දෙනකුගෙන් එම යන්ත්‍ර ආපසු ලබාගැනීමට පවා කටයුතු කර නැති බවයි.

2018-2021 දක්වා වසරවල දී මෙම ටැබ් යන්ත්‍ර ලබා දී ඇත්තේ දුරකථන සේවා සමාගමක් විසිනි.

නිපුණ  ශිල්පීන් 100,000ක පිරිසකගෙන් සමන්විත බහු කාර්ය සාධන බළකායක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් 4,700,000.00ක පමණ මුදලක් වියදම් කරමින් සකස් කර ඇති පරිගණක පද්ධතිය 2022 දෙසැම්බර් 31 වැනිදා  වනවිටත් ක්‍රියාත්මක තත්වයෙන් නොපැවති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එමෙන්ම එම පාඨමාලාව හැදෑරූ පුහුණුලාභීන්ට ලබා දියයුතු සහතික පත්‍ර   32,505ක් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව නිකුත් නොකරමින් අධිකාරියේ රඳවාගෙන ඇති බව ද එම විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles