spot_img
spot_imgspot_img

රනිල්, ජනාධිපතිවරණයට සන්ධාන හදද්දී, පොහොට්ටුවෙන් චමල්ට අපේකෂකත්වය ?

පුවත්

විදෙස්

ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට උත්සාහ ගනිද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට සූදානම් වන බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

වත්තල එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන කියා සිටියේ ඉදිරි මැතිවරණයට සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන “මහා න්ධානයකට” ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය ලබාදෙන බවයි.

මෙම රැස්වීම අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සංවිධානය කර තිබිණි.

“ඒ මහා සන්ධානයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු බොහෝ පක්ෂ එකතු කරගෙන ගමනක් යන්න ජනාධිපතිතුමා උත්සාහ ගන්නවා” යැයි ද රුවන් විජේවර්ධන කීවේය.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම යන තිදෙනා අතර සටනක් වන බවයි.

එසේ වුව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු කතානායක චමල් රාජපක්ෂගේ ප්‍රතිරූපය නැංවීමේ මෙහෙයුමක් ගම් මට්ටමින් ක්‍රියාත්ක කරමින් සිටින බව ද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි.

ඒ සඳහා හිටපපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ ලබාගැනීමටත් ඔහුගේ මාර්ගයෙන් විදේශීය පාර්ශව සහය කරගැනමටත් පක්ෂය සැළසුම් කර ඇත. මෙහි මූලිකත්වය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!