spot_img
spot_imgspot_img

ශ්‍රී ලාංකිකයන්ට ජපන් රැකියා අවස්ථාව වැඩි වෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට තාක්ෂණික සීමාවාසික පුහුණුවක් ලබාදී ජපානයේ රැකියා සඳහා යොමුකිරීමට වැඩි අවස්ථාවක් ලබාදෙන බව ජපානයේ තාක්ෂනික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතතනයක් වන IRO ආයතනය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සමඟ එකඟතාවකට එළැඹ ඇත.

පසුගිය 21 වැනි දා එම ආයතනයේ නියෝජිතයන් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ පැවැත්වූ සාකච්ඡාවක දී මෙම එකඟතාවට එළැඹ තිබේ.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියාවට යොමුකිරීම සඳහා 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජපානයේ IRO ආයතනය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

IRO ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි (Suga Katsukai) එහි දී කියා සිටියේ ශ්‍රී ලාංකිකයන්ගේ තාක්ෂණික හැකියාව සහ වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයන් ඉතා ඉහළින් අගය කරන බවයි.

ජපානයෙන් පැමිණි ධූත පිරිස සමඟ අමාත්‍ය මනුෂ නානායක්කාර, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා එක්ව සිටි අතර එම අවස්ථාවට IRO වැඩසටහන යටතේ ජපානය බලා යාමට සූදානම්ව සිටින රැකියාලාභීන් පිරිසක්ද පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!