spot_img
spot_imgspot_img

වෛද්‍යවරිය සමඟ ඇති තරහ, දරුවන්ගෙන් පිරිමහ ගනී. ළමා රෝහලේ ප්‍රතිකාර නවත්වයි

පුවත්

විදෙස්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු අද (19) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ අත්තනෝමතික ක්‍රියාමර්ගවලට එරෙහිව මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් වීරසිංහ පවසයි.

“මේ වෛද්‍යවරියගේ නොමනා හැසිරීම දැන් දිගින් දිගටම දික්ගැ‍සෙනවා. මේ ගැටලුව විසඳන්නේ නැති නිසා අපි ඒ ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාටත්දැනුම් දී තිබෙනවා. ඔහු ප්‍රශ්නය විසඳන්න සතියක් ඉල්ලුවා. දැන් සති තුනක් වෙනවා. ප්‍රශ්නය විසඳනන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකටත් මේ වනතුරු හැකියාව ලැබී නෑ. එයට විරෝධය දක්වමින් බාහිර රෝගී අංශය පැය 24ක සංකේත වැඩ වර්ජනයක් කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළා. නමුත් අපි හදිසි ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි.”

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරියගෙන් කරන ලද විමසීමක දී ඔහු කියා සිටියේ මෙවැනි වර්ජනයක් ගැන තමා දැනුම්වත් කර නැති බවයි.

“මේ කියන වෛද්‍යවරිය සැර පරුෂ විදියට වෛද්‍යවරුන්ට කතා කරනවා කියා තමයි ගැටලුව තියෙන්නේ. එම වෛද්‍යවරියට චෝදනා කරන වෛද්‍යවරු කවුරුවත් ඇය සමඟ රාජකාරී කරන්නේ නෑ. සීමාවාසික වෛද්‍යවරු හැර වෙනත් අය මාසයක කාලයක් තුළ ඇය සමඟ කටයුතු කරලා නෑ. මේ ප්‍රශ්නය නිසා එම වෛද්‍යවරියගේ වාට්ටුවට රෝගීණ් ඇතුළු කිරීම පවා නතර කරලා තියෙනවවා.රාජ්‍ය සේවා කොමිසම මගින් පත්කරපු වෛද්‍යවරියක්  මගේ අභිමතය පරිදි ඉවත්කරන්න බැහැ. මට ගත හැකි සියලු ක්‍රියාමාර්ග දැනටමත් අරගෙන තියෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!