spot_img
spot_imgspot_img

භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු නිරුවත් කළ සිද්ධියේ අලුත්ම තත්වය

පුවත්

විදෙස්

පල්ලේගම සුමන නමැති  බෞද්ධ භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහරදුන්නා යැයි කියන සිද්ධිය සම්බන්ධයේන සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 08 දෙනකු ලබන 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කඩුවෙළ වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ අද (08) නියෝග කළේය.

තමන් බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ ඥාති නිවසක එම නිවසේ මව සහ දියණිය සමඟ රැඳී සිටිය දී එහි කඩා වැදුණු පිරිසක් එම කාන්තාවන් දෙදෙනා නිරුවත් කර තමන් ද නිරුවත් කර පහරදුන් බවට පල්ලේගම සුමන නමැති භික්ෂුව විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් නියෝග කර තිබිණි. ඒ අනුව පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

පල්ලේගම සුමන නමැති භික්ෂුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආධාර උපකාර සහ ආශිර්වාද කළ අයකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම සැකකරුවන් අට දෙනා ලබන 12 වැනි දා ට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කරන ලෙසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම භික්ෂුව සහ කාන්තාවන් දෙදෙනා නිරුවත් කර පහර දෙන දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති පුද්ගලයා සොයා විශේෂ විමර්ශනයක් ද සිදුකරන බවයි.

අන්තර්ජාල දර්ශනයේ දැක්වෙන්නේ පුද්ගලයන් පිරිසක් පන්සලේ ගෑනු තියාගෙන ඉන්නවා යනුවෙන් කෑ ගසමින් විහාරස්ථානයකට කඩා වදින දර්ශනයකි. ඉන් අනතරුව එම විහාරස්ථානයේ වායු සමනය කළ කාමරයක සිටින අඩ නිරුවත් කාන්තාවන් දෙදෙනකු සහ භික්ෂුවගේ දර්ශන දැක්වෙන අතර එක් කාන්තාවක් ඇඳ සිටින තුවායක් ගලවා ඇයට පහර දීමට උත්සාහ ගන්නා ආකාරයත් අඩ නිරුවතින් සිටින කාන්තාවක් පොරවාගත් ඇතිරිල්ලක් ඉවත්කරන දර්ශනත් දක්නට ලැබෙයි. එමෙන් ම භික්ෂුවගේ සිවුර ගලවා දමන ආකාරයත් එම වීඩියෝ දර්ශනයේ පෙනෙන්නට තිබේ. එමෙන්ම ඔවුන් සිටින ඇඳට පසෙකින් බෞද්ධ භික්ෂූන්ගේ ආවාසගෙයක මෙන් සිවුරු රඳවා ඇති ඇඳුම් රඳවනයක් ද පෙනෙන්නට තිබේ. එම භික්ෂුව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ තමන් නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළ රැඳී සිටිය දී මෙම සිද්ධියට මුහුණ පෑ බවයි.

නමුත්, බොහෝ දෙනකු පවසන්නේ මේ සිදුවීම නවගමුව, ඉහළ බෝමිරියේ, ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී සිදුව ඇති බවයි.

පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ තම පාර්ශවයට, මෙම පැමිණිලිකරු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඇති බවයි.

එවැනි පැමිණිල්ලක් ඇත්නම් එය ලබන 12 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් නීතීඥ නුවන් ජයවර්ධන මහතා පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!