spot_img

බලු පැටවකු සපා කෑමෙන්, පාසල් සිසුවකු මරුට

පුවත්

විදෙස්

නිවසේ ඇතිකරමින් සිටි බලු පැටවකු සපාකෑම නිසා ජලභීතිකා රෝගය වැළඳීමෙන් වයස අවුරුදු 12ක දරුවකු පසුගිය 05 වැනි දා මියගොස් ඇතැයි කුරුවිට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කරුණාරත්න පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුවිට හඳුන්ගොඩ පාසලේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

ඔහුගේ නිවසේ ඇතිදැඩි කළ, මාස දෙකක් පමණ වූ බලු පැටවා විසින් මෙම සපා කෑම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. කුඩා බලුපැටවකු වීම සහ නිවසේ සිටි බලුපැටියා නිසා සපාකෑම ගැන මියගිය දරුවාත් දෙමාපියනුත් වැඩි සැළකිල්ලක් දක්වා නැත. නමුත් මෙම බලු පැටවා විසින් ම අසල්වැසියන් දෙදෙනකු ද සපා කා ඇති බවත් ඉන් පසු බලුපැටියා මියයාමත් නිසා එම පුද්ගලයන් දෙදෙනා රෝහලට පැමිණ ජලභීතිකා රෝග මර්ධන එන්නත් ලබාගෙන ඇත.

මියගිය දරුවා ඉන් පසු දිනක රෝගීවීමෙන් පසු රෝහලට ගෙනවිත් ඇති අතර එවිට ඔහුට ජලභීතිකා රෝගය වැළඳී ඇති බව තහවරු කරගෙන තිබිණි.

වෛද්‍ය කරුණාරත්න පවසන්නේ බල්ලා සපා කෑ මොහොතේ ම ජලභීතිකා මර්ධන එන්නත ලබාගත්තේ නම් මේ මරණය සිදුවීම වළක්වාගැනීමට හැකියාව තිබූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles