spot_img
spot_imgspot_img

ඇස් රෝහලේ දී සිහි නොලබාම මියගිය කාන්තාවට හෘදයාබාධයක්

පුවත්

විදෙස්

කොළඹ අක්ෂි රෝහලේ දි නිර්වින්දනය කර සිටිය දී නැවත සිහි නොලබා මියගිය කාන්තාවගේ මරණයට හේතුව හදිසියේ ඇති වූ හෘදයාබාධයක් යැයි කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර තීරණය කළාය.

ඇය එම තීරණය ගන්නා ලද්දේ හදිසි මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය රුහුල් හක් විසින් ලබාදුන් වාර්තාව සැළකිල්ලට ගනිමිනි.

මෙලෙස මියගොස් තිබුණේ ඌරගස්මංහන්දිය, බොරළුකැටියේ පදිංචිව සිටි හිපන්විල ගෙදර හිමාලි ප්‍රියදර්ශනී වීරසිංහ නමැති 34 හැවිරිදි කාන්තාවකි. ඇගේ ඇසකට පෙර කරන ලද ශල්‍යකර්මයක් හේතුවෙන් ඇති වූ ගැටලුවක් නැවත යථාවත් කිරීමට යළි සැත්කමක් සිදුකිරීමට නිර්වින්දනය කර සිටිය දී මියගියාය.

මියගිය කාන්තාවගේ සැමියා කුමාරසිරි ද සිල්වා හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් කියා තිබුණේ තම බිරිඳට කිසිදු රෝගයක් හෝ ආබාධයක් නොතිබූ නිරෝගී කාන්තාවක් බවයි. ඇසේ ඇති වූ ගැටලුවක් සඳහා සැත්කමක් කිරීමට නිර්වින්දනය කළ අවස්ථාවේ නැවත සිහි නොලබා මියයාම නිර්වින්දන බෙහෙතේ ගැටලුකාරී තත්වයක් නිසා සිදුවූවක් යැයි සැකයක් පවතින බැවින් ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව ද ඔහු හදිසි මරණ පරීක්ෂකවරියගෙන් ඉල්ලා තිබිණි.

මේ ආකාරයට හදිසියේ සිදුවන මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණකි. එබැවින් ඒ සඳහා දේහය යොමුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා ලබාදුන් වාර්තාවේ සඳහන් කර තිබුණේ මියගිය කාන්තාවගේ හෘදය වස්තුවේ අධික මේදය තැන්පත්ව තිබීම හේතුවෙන් හටගත් හදිසි හෘදයාබාධයක් නිසා මරණය සිදුව ඇති බවයි.

එම වාර්තාව සැළකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරිය සිය තින්දුව ලබාදුන්නාය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!