spot_img
spot_imgspot_img

ලන්දේසි, සියවස් ගණනාවකට පෙර කළ වැරදිවලට සමාව ගනී

පුවත්

විදෙස්

ඕලන්දය ලෝකයේ රටවල් ගණනාවක් යටත් කරගනිමින් අධිරාජ්‍යය පිහිටවූ කාලයේ දී වහල් සේවයට යොදා ගත් පිරිසගෙන් නිල වශයෙන් සමාව ඉල්ලීමට වර්තමාන නෙදර්ලන්තයේ විලෙම් ඇලෙක්සැන්ඩර් රජු කටයුතු කර තිබේ.
ඕලන්දය පෙර අපරිද රටවල් ගණනාවක් වෙත පැමිණ එම රටවල් සම්පූර්ණයෙන් ම සහ කොටස් වශයෙන් යටත්කරගන්නා ලදී. ඒ අනුව ඔවුන් අධිරාජ්‍යයක් පිහිටවූ අතර ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයේ බොහෝ ප්‍රදේශ ඕලන්ද යටත් විජිතයට ඈඳා ගෙන තිබිණි. එකළ ඔවුන් හැඳින්වූයේ ලන්දේසි යනුවෙනි.
බ්‍රිතාන්‍යය සිය නාවුක බලය වැඩිදියුණු කරගෙන ලන්දේසීන් සමඟ මුහුදු සටහන් කරමින් සහ ඔවුන්ගේ යටත්විජිතවලට කඩා වදිමින් එම ප්‍රදේශ අල්ලාගැනීමත් සමඟ ඕලන්ද අධිරාජ්‍යයේ බිඳවැටීම සිදුවිය. ශ්‍රී ලංකාවට ද 1796 දී පැමිණි බ්‍රිතාන්‍යයන් විසින් ඕලන්ද බලකොටු බිඳ දමමින් සහ ගිවිසුම්ගතව පවරා ගැනිමින මුහුදු බඩ ප්‍රදේශ අල්ලාගත් අතර පසුව සමස්ත ශ්‍රී ලංකා රාජ්‍යය ම බ්‍රිතාන්‍ය යටත් රාජ්‍යයක් බවත් පත්කරන්නා ලදී.
එකළ ඕලන්දය හෙවත් වර්තමාන නෙදර්ලන්තය තුළ වහල් සේවය නීත්‍යානුකූලව තහනම් කර වසර 160ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැති උත්සවයට එක්වූ නෙදර්ලන්ත රජු මේ ප්‍රකාශය සිදුකළේය.
එහි දී රජු අවධාරණය කළේ, වහල් සේවයෙන් පීඩාවට පත් පිරිසට තමන් “පෞද්ගලිකව හා දැඩි ලෙස” කණගාටුව පළකරන බවය.
නෙදර්ලන්ත අගමැති මාර් රුටේ ද පසුගිය දෙසැම්බර් මාසයේදී මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!