spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව අපරාජිත බව රැකගෙන පෙරමුණ ගනී

පුවත්

විදෙස්

ලකුණු 21කින් නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් අපරාජිත බව රැකගනිම්න ලේක කුසාලන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ පෙරමුණෙහි තවදුරටත් රැඳී සිටීමට සමත්විය.

සුපිරි 06 දෙනාගේ වටයේ දෙවැනි තරඟය ලෙස අද (30) සිම්බාබ්වේ බුලවායෝහි දී මෙම තරඟය පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පන්දුවට පහරදීමට තීරණය කළ ද පළමු පන්දුවෙන් ම පැතුම් නිශ්ශංක දැවීයාමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමට පසුපස පාදයට තල්ලුවන්නට විය.

දිමුත් කරුණාරත්න තමන්ට බාරදුන් වගකීම ඉටුකරමින් එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටිය ද ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් (10), සදීර සමරවික්‍රම (1), චරිත් අසලංක (2) එකා පසුපස එකා වශයෙන් නැවත ක්‍රීඩාගාරයට හැරීයාමත් සමඟ ශ්‍රී ලංකාව අසීරු තත්වයකට පත්ව සිටියේය දිමුත්ට එකතු වූ ධනංජය ද සිල්වා කඩා වැටුණු ඉනිම ක්‍රමයෙන් ගොඩගැනීමට උත්සාහ ගනිමින් සිටිය දී එම සම්බන්ධතාවත් ලකුණු33කට බිඳවැටුණේ ඒ වනවිට ලකුණු 33ක් ලබා සිටි දිමුත් දැවීයාමත් සමගිනි. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 05කට ලකුණු 67්ක් විය. තරඟාවලිය පුරා ම අසාර්ථක වී සිටින නායක දසුන් ශානක ද ලකුණු 05කට දැවී ගියේය. වනිඳු හසරංග ද ලකුණු 20ක් ලබාගත් අතර අටවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ සමඟ එක්වූ ධනංජය ද සිල්වා මෙම ඉනිමේ ඉහළම ලකුණු සම්බන්ධතාව වූ අටවැනි කඩුල්ල සඳහා ලකුණු 77ක් වාර්තා කළේ පන්දු 78කිනි. එම සම්බන්ධතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 200 සීමාව ඉක්මවා යා හැකි විය.

ඉතාමත් අගනා වටිනා ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ට සිය මංගල එක්දින ශතකය අහිමිවූයේ ලකුණු 07කිනි. ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට නොහැකිවිය. ඔවුන් සියලු දෙනා පන්දුවාර 47.4ක දී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 213ක් පමණි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ නෙදර්ලන්ත කණ්ඩායමට ද ආරම්භය එතරම් සුබදායී වුණේ නැත. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත්කිරීමට ලහිරු කුමාර සහ දිල්ෂාන් මධුශංක සමත්වූහ.

එහෙත් ඉන් පසු පිටියට එකතු වූ වෙස්ලි බැරේසි (52) සහ බස් ඩි’ලීඩ් (48) තුන්වැනිකඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක් රැස්කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නළල රැළිි ගන්වමිනි.

දසුන් ශානක විසින් වෙස්ලි දුවද්දී දවාගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම යළි තරඟට අවතීර්ණ විය. ඉන් අනතුරවුව මහීෂ් තීක්ෂණ ලකුණු 06ක දී කඩුලු 03ක් දවාගත්තේය.

ඉන්පසු හුදගලා සටනක නිරත වූ නායක ස්කොඩ් එඩ්වඩ්ස් පන්දු 68ක දී හයේ පහර 02ක් සහ හතරේ පහර 04ක් සමඟ නොදැවී සිටිමින්,  ලකුණු 67ක් රැස්කළ ද පසුපෙළ අනෙක් පිතිකරුවන්ගෙන් ඔහුට නිසි සහයක් නොලැබීම ම නිසා ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙසට ඇදී ගියේය.  

ඒ අනුව නෙදර්ලන්ත ඉනිම පන්දුවාර 40ක දී ලකුණු 192කට සීමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 21ක ජයක් හිමිකර දෙමිනි.

ශ්‍රී ලංකාව පන්දු ඕවර 47.4ක දී සියලු දෙනා දැවී ලකුණු 213

පැතුම් නිස්සංක 00

දිමුත් කරුණාරත්න 33

කුසල් මෙන්ඩිස් 10

සදීර සමරවික්‍රම 01

චරිත් අසලංක 02

ධනංජය ද සිල්වා 93

දසුන් ශානක 05

වනිඳු හසරංග 20

මහීෂ් තීක්ෂණ 28

ළහිරු කුමාර 02

දිල්ශාන් මධුෂංක 1

අතිරේක 18

ලෝගන් වැන් බීක් 26/3, බස් ඩි’ලීඩ් 42/3, සකීබ් සුල්ෆිකර් 48/2, රයන් ක්ලීන් 38/1, ආර්යන් දත් 34/1

නෙදර්ලන්තය පන්දු ඕවර 40ක දී සියලු දෙනා දැවී 192

වික්‍රමජිත් සිං 00

මැක්ස් ඔඩොව්ඩ් 00

බෙස්ලි බැරේසි 52

බස් ඩි’ලීඩ් 41

තේජා නිදමනුරු 00

ස්කොට් එඩ්වඩ්ස් 67 (නොදැවී)

සකීබ් සුල්ෆිකර් 02

ලෝගන් වැන් බීක් 00

සිරාස් අහමඩ් 02

රයන් ක්ලීන් 05

ආර්යන් දත් 07

අතිරේක 16

මහීෂ් තීක්ෂණ 21/3, වනිඳු හසරංග 53/2, ළහිරු කුමාර 17/1, දසුන් ශානක 18/1, දිල්ෂාන් මධුශංක 38/1,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!