spot_img
spot_imgspot_img

සුපිරි හයදෙනාගේ වටයට යන කණ්ඩායම් මෙන්න

පුවත්

විදෙස්

ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබන්නන් තේරීමේ තරඟාවලියේ සුපිරි 06 දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකා‍ කණ්ඩායමේ ප්‍රතිවාදීන් ඊයේ (24) දිනයේ දී තීරණය වී තිබිණි. ඒ සිම්බාබ්වේ කණ්ඩායම විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 35කින් පරාජය කිරීමත් සමඟිනි. නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ නේපාලය ද කඩුළු 07කින් පරාජයට පත්වීම නිසා සුපිරි 06 දෙනාගේ වටයට ඒ කාණ්ඩයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම් තුන තීරණය විය.

මේ වනවිට ඒ කණ්ඩායමෙන් සිම්බාබ්වේ පිළ සියලු තරඟ ජයගනිමින් අපරාජිතව පෙරමුණ ගෙන තිබේ. ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 06කි. ශුද්ධ දළ වේගය +0.917ක් හිමිකරගෙන ඇති අතර නෙදර්ලන්තය සහභාගී වූ තරඟ තුනෙන් දෙකක් ජයගනිමින් ශුද්ධ ලකුණු +0.835ක් සහ ප්‍රසාද ලකුණු 04ක් හිමිකරගෙන ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වූ තරඟ තුනෙන් දෙකක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 04ක් සහ දළ ලකුණු වේගය +0.7ක් ලබා තුන්වැනි තැන පසුවෙයි. දැනට තරඟ හතරකට සහභාගී වී සිටින නේපාල කණ්ඩායම එක් තරඟයක් පමණක් ජයගෙන ඇති අතර දළ ලකුණු වේගය හිමිව ඇත්තේ -1.171කි. තරඟ තුනකට සහභාගී වූ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම කිසිදු තරඟයක් ජයගෙන තැති බැවින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි. මේ අනුව ඒ කණ්ඩාමෙන් සුපිරි හයදෙනාගේ වටයට පිවිසෙන්නේ සිම්බාබ්වේ, නෙදර්ලන්ඩ් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් බව ස්ථිරය.

බී කාණ්ඩයේ දැනට පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරඟ දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 04ක් ලබාගෙන සිටින්නේ දළ ලකුණු වේගය +4.220ක් ලෙස තබාගනිමිනි. මේ අතර ස්කොටලන්ත කණ්ඩායමත් සහභාගී  වූ තරඟ දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 04ක් හා දළ ලකුණු වේගය +1.140 ක් හිමිකරගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවෙයි. ඕමාන් කණ්ඩායම තරඟ තුනකට මුහුණ දී ඉන් තරඟ දෙකක් ජයගෙන ප්‍රසාාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවන්නේ -1.049ක දළ ලකුණු වේගයක් රඳවා ගනිමිනි.

මේ අතර අද (25) ශ්‍රී ලංකාව සමඟ තරඟවදින අයර්ලන්ත කණ්ඩායමට තරඟාවලියේ රැඳී සිටීමට නම් අනිවාර්යයෙන් ම ශ්‍රී ලංකාව පරාජයට පත්කිරීම අත්‍යාවශ්‍ය වෙයි. ඔවුන් දැනට සහභාගී වූ තරඟ දෙකම පරාජයට පත්ව ඇති බැවින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්ව සිටින්නේ ප්‍රසාද ලකුණු කිසිවක් නොමැතිව දළ ලකුණු වේගය -0.177ක් ලෙස තබාගනිමිනි. ඒ නිසා ඔවුන් අද ශ්‍රී ලංකාව අතර තරඟය මෙන්ම ඉතිරිව ඇති අනෙක් තරඟය ද විශාල ලකුණු පරතරයකින් ජයගත යුතුව ඇත. අද ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරඟයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් අයර්ලන්තයට සුපිරි 06 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවන අතර එවිට බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුපිරි 06 දෙනා‍‍ගේ වටයට සුදුසුකම් ලබාගනී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට ඉතිරිව ඇත්තේ එක් තරඟයක් පමිණි. ඔවුන් සහභාගී වූ තරඟ ‍තුනම පරාජයට පත්ව දළ ලකුණු වේගය -2.071ක් ලෙස පවතී. ඉතිරි තරඟය ජයගත්ත ද ඔවුන්ට හිමිවන්නේ ප්‍රසාද ලකුණු 02ක් පමණක් බැවින් සුපිරි හයදෙනාගේ වටයට පිවිසීමට හැකියාවක් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!