spot_img
spot_imgspot_img

ඇමතිවරයකුගෙන් පොලිසියට තර්ජන

පුවත්

විදෙස්

තම පාක්ෂිකයකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළැයි කියන සිද්ධියකට උරණ වූ ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තවත් ආධාරකරුවන් පිරසික් රැගෙන බගවන්තලාව පොලිසියට ගොස් පොලිස් ස්ථානාධිපතිට සහ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීවට බැණ තර්ජනය කර ඇත.

සැකකරු බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුව වෙත පැමිණ ඔහුගේ මිතුරෙකුගේ ගිණුමක ශේෂය පිලිබදව මුදල් කවුළුවෙන් විමසා ඇති අතර , එහිදි බැංකුවේ නිලධාරින්  පවසා ඇත්තේ වෙනත් ගණුදෙණුකරුවෙකුගේ බැංකු ගිණුම් තොරතුරු පිලිබදව වෙනත් පාර්ශවයකට ලබාදිය නොහැකි බවයි.

ඒ  සම්බන්ධයෙන් බැංකුවක කලමණාකාරවරයා සහ ඔහු අතර බහින් බස් විමක් සිදුව ඇති අතර කලමණාකාරවරයා  බගවන්තලාව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත  සැකකරු බගවන්තලාව නගර මධ්‍යයේදි අත්අඩංගුවවට ගෙන හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් උරණ වු අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා බගවන්තලාව නගරය ගොස් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා එම ස්ථානයට කැදවා බැන වැද තර්ජනය කර ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා මෙසේ කීය.

බගවන්තලාව නගරයේදී තරුණයකු අත්අඩංගුවට ගන්නා මුවාවෙන් එම තරුණයාට පොලීසිය පහරදීමේ සිදුව තිබෙනවා. ඒ පිළිබඳව එම පොලිස් නිලධාරීන්ට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතුයි.

නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලීසියේ වගකීමක්, එසේ වුවද නීතිය අතට ගැනීමට කිසිවකුටවත් නොහැකියි, මෙම සිදුවීමේදී පොලීසිය අත්තෝනෝමතිකව කටයුතු කර ඇති බවට ජනතාවගෙන් විවේචන එල්ල වී පවතින බවද තොණ්ඩමන් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!