Deprecated: Function jetpack_form_register_pattern is deprecated since version jetpack-13.4! Use Automattic\Jetpack\Forms\ContactForm\Util::register_pattern instead. in /home/ratasinhala/public_html/wp-includes/functions.php on line 6031
ශ්‍රී ලංකාව ජයග්‍රාහී ගමනකට මුලපුරයි - Rata.lk
spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව ජයග්‍රාහී ගමනකට මුලපුරයි

පුවත්

විදෙස්

ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරඟ ඉතා පහසු ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සමත්විය.

ඒ, ශ්‍රී ලංකාව සහ එක්සත් ආරාබි එමීර් කණ්ඩායම අතර අද පැවැති තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 175ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනිමිනි.

කාසියේ වාසිය දිනාගත් එක්සත් ආරබි එමීර් කණ්ඩාය‍ම පන්දු යැවීම තෝරාගත්ත ද ශ්‍රී ලංකා පිතිකරුවෝ සිය ඉනිම පුරාම ඔවුන් වෙහෙසට පත්කරමින් නියමිත පන්දුවාර 50 තුළ දී  කඩුලු 06ක් දැවී ලකුණු 355ක් රැස් කළහ.

ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබාගත් පැතුම් නිශ්ශංක (57) සහ දිමුත් කරුණාරත්න (52) ආරම්භක කඩුල්ල සඳහා එකතු කළ ලකුණු සංඛ්‍යාව 95කි. ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් පසු පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම ද එක්සත් අරාබි එමීර් පන්දු යවන්නන්ට කිසිදු බුරුලක් නොදී ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළේ පන්දු 79කින් ලකුණු 105ක සම්බන්ධතාවක් පවත්වමිනි.

අර්ධ ශතකය ලබාගැනීමෙන් පසු පහරදීමේ වේගය තවත් වැඩිකිරීමට උත්සාහ ගත් කුසල් මෙන්ඩිස් හතරේ සීමාව ආසන්න‍යේ දී රැකගත් උඩපන්දුවකින් දැවීගියේ ලකුණු 78ක් රැස්කරගෙන සිටිය දී ය. ඔහු ඒ සඳහා වැයකර තිබුණේ පන්දු 63ක් පමණි. ඊට හතරේ පහර 10ක් ඇතුළත් විය.

තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අද තවත් ඉහළට ගෙන ගිය සධීර අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ පන්දු 64ක දී හතරේ පහර 09ක් ද සහිතව ලකුණු 73ක් රැස්කරගෙන සිටිය දී ය. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4ට 287ක් විය. ඉන් පසු පිටියට පිවිසි නායක දසුන් ශානකට මුහුණදීමට හැකි වූයේ පන්දු 02කට පමණි. ඔහු එක් ලකුණකට දැවීයාමෙන් පසු චරිත් අසලංකට, ධනංජය ද සිල්වා එක්වුව ද ඔහුටත් වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට අවස්ථාවක් ලැබුණේ නැත. ධනංජයට ලබාගත හැකිවූයේ ලකුණු 05ක් පමණි. ඉන්පසු පිටියට පිවිසි වනිඳු හසරංග චරිත් අසලංකට අනගි සහයක් ලබාදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව 350න් ඔබ්බට රැගෙන ගියේය.

නියමිත පන්දුවාර 50 අවසන්වන විට පිටියේ නොදැවී ක්‍රීඩා කරමින් සිටි චරිත් අසලංක පන්දු 23ක දී හයේ පහර 02ක් සහ හතරේ පහර 05ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටියේය. වනිඳු පන්දු 12කින් නොදැවී ලකුණු 23ක් ලබා සිටියේය. ඔවුන් දෙදෙනාගේ අඛණ්ඩ සබඳතාව පන්දු 22ක දී ලකුණු 58කි.

ලකුණු 356ක දැවැන්ත ඉලක්කයක්  සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ආරම්භක කඩුල්ල 36 දී බිඳවැටුණු අතර දෙවැනි කඩුල්ල ලකුණු 80දී ඔවුන්ට අහිමිවිය. ඉන් පසු ඔවුන්ට හිස එසවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩක් ලබාදුන්නේ නැත. වරක් ඔවුන් කඩුලු 05ක් අතැතිව ලකුණු 167ක් ලබා සිටිය ද නසීර් ලකුණු 34ක් ලබා සිටිය දී මහීෂ් තීක්ෂණ යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ලකුණු 34කට දැවීයාමත් සමඟ ශ්‍රී ලංකා පන්දුයවන්නෝ ඉතිරි පිතිකරුවන් සියලු දෙනා ආපසු හරවා යැවීමේ දී ලබා දුන්නේ ලකුණු 13ක් පමණි. ඒ අනුව ලකුණු පුවරුවේ දැක්වූයේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ අවසන් කඩුලු 05ම ලකුණු 13ට බිඳ වැටුණු බවයි.

එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වූයේ පන්දුවාර 39ක දී සියලු දෙනා දැවී ලකුණු 180ක් ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරඟයේ දී ම ලකුණු 175ක දැවැන්ත ජයක් හිමිවිය.

පන්දු යැවීමේ දී නිලකුණු පන්දුවාරයක් ද සමඟින් පන්දුවාර 08ක දී ලකුණු 24ක් ලබා දී කඩුලු 06ක් දවාගත් වනිඳු හසරංග තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේය. ඔහු පිතිකරුවකු ලෙස වේගවත් ලකුණු 23ක් ලබාගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!