spot_img
spot_imgspot_img

ලියුමක් ලියන්න නොදන්නා විදුහල්පති, කිසිවක් දන්නේ නැතිලු

පුවත්

විදෙස්

රාජකාරී ලිපියක්වත් නිසි පරිදි ලියා ගැනීමට නොදන්නා විදුහල්පතිවරයකු හෝ වරියක්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදෙණිය මහා විද්‍යාලයට පත්කර ඇති බව 2016 අංක 12 දරණ තොරතුරු පනත යටතේ කරන ලද ඉල්ලීමකින් තහවරු වෙයි.
පාසල් සංවර්ධන සමිතියේ වියදම් සහ අනුමත සංවර්ධන සැළසුම් පිළිබඳ විස්තර අප විසින් ඉල්ලූ විට විදුහල්පති විසින් මෙම ලිපිය එවා ඇත. විදුහල්පති එමගින් දැනුම් දී ඇත්තේ අප ඉල්ලූ විස්තර තමන් සන්තකයේ නොමැති බවයි.
මෙලෙස දැනුම් දෙන ලද ලිපිය පහතින් පළකර ඇත.

තොරතුරු ලබාදිය නොහැකි බව සඳහන් කරමින් ලිපියක් එවූ විදුහල්පති පාසලේ දෙමාපිය රැස්වීමක් කැඳවූ අවස්ථාවක දී අපගේ තොරතුරු ඉල්ලීම පිළිබඳ පවසා තිබිණි. එහි දී ඇය කියා ඇත්තේ “ගමේ මනුස්සයෙක් ඉල්ලුවානම් මම තොරතුරු දෙනවා. කොහෙවත් ඉන්න මිනිස්සු ඉල්ලුවාට දෙන්නේ නෑ. හිටපු විදුහල්පතිනිය මට ම‍ඟ තොටේදී, කාර්යාලයේ දී හමුවෙනවා. මට එයා තරහකරගන්න බෑ” යනුවෙනි.

උඩුදෙණිය මහා විද්‍යාලයේ අලුතෙන් පත්ව ආ වැඩබලන විදුහල්පති ද පැරණි මාර්ගයේ ම ගමන් කරන බව එය හොඳම උදාහරණයකි. ගමේ පදිංචිකරුවකු හිටපු විදුහල්පතිනියගෙන් තොරතුරු ඉල්ලූ විට ඇය කළේ පාසල් සංවර්ධන සමිතිය කැඳවා එම පුද්ගලයාට බැණ වැදී තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමයි.

එම පුවත මෙතැනින්
අප විසින් 2023 මැයි මස 10 වැනි දිනැතිව උඩදෙණිය මහා විද්‍යාලයේ තොරතුරු නිලධාරී වෙත යොමුකරන ලද ලිපියට අනුව විදුහල්පති එවූ ලිපියේ දිනයක් සඳහන් කර නැත. විදුහල්පතිගේ නම හෝ නිල මුද්‍රාව හෝ නැත. එමෙන්ම එවන ලද ලිපි ශීර්ෂයේ පාසලේ ලිපිනය හෝ දුරකථන අංකයවත් සටහන් කර නැත. ලිපි ශීර්ෂයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ග්‍රාම නිලධාරී වසම නම් සඳහන් කර තිබේ.
නව විදුහල්පති පවසන්නේ තමන් මැයි 10 වැනි දා විදුහලේ රාජකාරී බාරගත් බැවින් ඊට පෙර වසරවල සිදුවූ අයතන පරිපාලනය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු නොමැතිවීම සහ මූල්‍ය සහ ද්‍රව්‍ය සම්බන්ධ වගීම තමන් බාර නොගැනීම යන හේතූන් මත අප ඉල්ලූ තොරතුරු ලබාදිය නොහැකි බවයි.
විදුහලක රාජකාරී බාරගත් නව විදුහල්පතිවරයකු හෝ වරියක එහි සම්පූර්ණ පරිපාලනය බාරගත යුතුය. එමෙන්ම මුදල් පාලනය සහ ද්‍රව්‍යවල භාරකාරත්වයත් නව විදුහල්පතිට පැවරෙයි. රාජකාරී බාරගනිද්දී ඒ සියල්ල බාරගත යුතුය. තමන් අලුතෙන් පත්ව ආ බව පවසමින් තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම විදුහල්පතිවරයකුට හැකිද යන්න වෙනම විමසා බැලිය යුතු කරුණකි.
රාජකාරී ලිපි ලිවීම පාසලේ සිංහල විෂයේ දී උගන්වන පාඩමකි. නමුත් මේ විදුහල්පතිනිය රාජකාරී ලිපියක් ලිවීමට පවා නොදන්නා බව අප වෙත එවන ලද ලිපියෙන් පැහැදිළි වෙයි.
උඩුදෙණිය මහා විද්‍යාලයේ දරුවන්ට ලැබෙන්නේ මෙවැනි ගුරු විදුහල්පතිවරුන්‍නම් ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස ගැන ඇත්තේ බරපතල ගැටලුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!