spot_img
spot_imgspot_img

පාසලේ වියදම් ගැන සොයනවිට, විදුහල්පතිනියට යකා වැහෙයි

පුවත්

විදෙස්

පාසලේ සංවර්ධන සමිතියට බව කියමින් එකතුකරන මුදල්වලට සිදු වී ඇති දේ සොයාබැලීම සඳහා ‍2016 අංක 12 දරණ ‍තොරතුරු පනත යටතේ අයදුම්පත්‍රයක් යොමුකළ අයකුට අදාල පාසලේ වැඩබලන විදුහල්පතිනිය බැන තර්ජනය කිරීමේ සිද්ධියක් rata.lk  වෙත වාර්තා වෙයි.

මෙම තර්ජනය කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදෙණිය මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිනිය දීපා චන්දරාණී විජේසිංහ විසිනි.

තොරතුරු ඉල්ලීම් කළඳ දිගින් දිගටම තොරතුරු ලබාදීම නොකළ විදුහල්පතිනිය උරණ වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් පසුගිය මාර්තු 17 වැනි දා කලාප අධ්‍යාපන කාර්යාලය තොරතුරු කිහිපයක් නිකුත්කිරීමත් සමඟිනි.

ඒ අනුව මාර්තු 20 වැනි දා පාසල් සංවර්ධන සමිතියේ රැස්වීමක් කැඳවූ විදුහල්පතිනිය එම තොරතුරු ඉල්ලූ තැනැත්තාට දැඩිව විවේචනය කරමින් ඔහු තොරතුරු ඉල්ලීම වරදක් යැයි සඳහන් කරමින් පරිභව කර තිබේ.

මෙම තොරතුරු ඉල්ලීම කර ඇත්තේ මාරස්සන, උඩදෙණිය පදිංචි, එස්.එම්.ෆර්ෂාන් විසිනි. ඔහුගේ දරුවන් මේ පාසලේ ඉගෙනුම ලබන අතර හෙතෙම පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු මහජන නියෝජිතයකු ද වෙයි.

විදුහල්පතිවරිය ඔහුට දෝෂාරෝපණය කරන රැස්වීම සඳහා ඔහු සහභාගී වී නැත.

2016 අංක 12 දරණ තොරතුරු පනත අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට පොදු අධිකාරියකින් තොරතුරු ලබාගැනීමේ අයිතිවාසිකම හිමිවෙයි. එම තොරතුරු ලබාදිය නොහැකිනම් හෝ ඉල්ලීම් කරන තොරතුරු පොදු අධිකාරිය සතුව නොමැතිනම් එය පැහැදිළිි සාධාරණ හේතු සහිිතව ඉල්ලුම්කරුට දැන්විය යුතුය. එම පිළිතුරෙන් ඉල්ලුම්කරු සෑහීමකට පතවන්නේ නැතිනම් නම්කළ නිලධාරීට අභියාචනා කිරීමේ හැකියාව ඉල්ලුම්කරුට පවතින අතර එම අභියාචනය අනුව ද තොරතුරු ලැබී නොමැතිනම් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් යොමු කිරීමට ද හැකියාව ඇත.

කිසියම් පුද්ගලයකු තොරතුරු ඉල්ලූ විට විදුහල්පතිනිය එම පුද්ගලයා ඉල්ලා ඇති තොරතුරු ගැන ප්‍රසිද්ධ රැස්වීමක සඳහන් කරමින් විවේචන කිරීම හෝ දෝෂාරෝපණය කිරීම හෝ වෙනත් ආකාරයෙන් බලපෑම් කිරීම හෝ නීති විරෝධී වෙයි.

විදුහල්පතිනිය කර ඇත්තේ එවැනි නීති විරෝධී කටයුත්තකි.

ඇය පවසන්නේ පාසල් සංවර්ධන සමිතියේ අය වැය ගැන, වියදම් කරපු ආකාරය ගැන ව්‍යාපෘති ගැන ඔහු තොරතුරු ඉල්ලා ඇති බවයි. එලෙස තොරතුරු සෙවීමෙන් පාසලට ලැබෙන දෙයක් නැති බවත්, පාසලේ දියුණුවක් ඇති නොවන බවත්, ගුරුවරියක් හෝ නොලැබෙන බවත් අධ්‍යාපනයට කිසිම සම්බන්ධයක් නැති බවත් ඇය ප්‍රසිද්ධියේ විවේචනය කරයි.

එස්.එම්.ෆර්ෂාන් විසින් ඉල්ලා ඇත්තේ 2015 වර්ෂයේ සිට පාසලේ අනුමත ව්‍යාපෘති. ඒ සඳහා ලැබී ඇති ප්‍රතිපාදන, පාසල් සංවර්ධන සමිතියේ ගිණුම් විස්තර සහ විගණනය පිළිබඳ තොරතුරුය.

මේවා ඉල්ලීමට දැඩි විරෝධයක් දැක්වූ වැඩබලන විදුහල්පතිනිය මෙලෙස එය විවේචනය කර තිබේ. ඔහු වෙත තොරතුරු කිහිපයක් ලබා දී ඇති අතර නමුත් එය පාසල් සංවර්ධන සමිතියේ ගිණුමක සැබෑ පිටපතක් ද යන්න බරපතල ගැටලුවක් ඇත. ඇය විසින් ලබාදුන් ගිණුම් විස්තර පහත සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩබලන විදුහල්පතිනිය දීපා චන්දරාණී විජේසිංහ අමතා විස්තර ඇසූ විට ඇය මෙසේ කීවාය.

“ඔබට ලැබී තිබෙන වීඩියෝ එක ඇත්ත එකක් තමයි. ඒ රැස්වීම තිබුණේ පහුගිය මාර්තු 20 වැනිදා. පාසලේ දෙමාපියෙක් පාසලට උදව් කරන්න ඕන. අධ්‍යාපනයට අවශ්‍ය දේවල් ළමයින්ගේ දියුණුවට අවශ්‍ය දේවල් ගැන හොයන්න ඕනෑ. ‍පාසලේ සල්ලි වියදම් කළේ කොහොමද ? මුරකාරයා කවුද ? අනුමත ව්‍යාපෘති මොනවා ද ? ඒ ‍දේවල් හෙව්වා කියලා ළමයින්ට ඇති වැඩකුත් නෑ. එක ගුරුවරයෙක්වත් අපිට ලැබෙන්නේ නෑ. පාසලේ දියුණුවට හේතුවක් ඇත්තෙත් නෑ. ඒ නිසා මම පාසල් සංවර්ධන සමිතියේ අයට මේ බව කිව්වා. ඒ වගේ ම ඉල්ලපු එක්කෙනාට තොරතුරු දුන්නා.”

එම තොරතුරු ප්‍රමාණවත් නැතැයි බැලූ බැල්මට පෙනෙන්නට ඇති බව මා කියූ විට විදුහල්පතිනිය කීවේ “මගේ ගාව තියෙන තොරතුරු තමයි දෙන්නේ.” යනුවෙනි.

රටේ පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමිකරන මෙවැනි විදුහල්පතිනියන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!