spot_img
spot_imgspot_img

දරුවාගේ මරණයට හේතුව තණකොළ කපන යන්ත්‍රය

පුවත්

විදෙස්

මුල්ලේරියාවෙව් දී මියගිය පස් වියැති දරුවාගේ මරණයට හේතුව තණකොළ කපන යන්ත්‍රයක් බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 05යි මාස 06ක් වයසැති දරුවෙකි. ඔහු උදරයට සිදු වූ දරුණු තුවාල සහිතව වැටී සිටිය දී සොයා ගැණිනි.

මෙම මරණයට සැකපිට එම දරුවා තුවාල ලබා වැටී සිටි ස්ථානයේ තණකොළ කැපූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් පසු ඔහු දරුවා තුවාල ලැබූ‌වේ තම යන්ත්‍රය නිසා යැයි අනාවරණය කර තිබේ. ඔහු කොට්ටාවේ පදිංචිකරුවෙකි.

තමන් තණ කොළ කපමින් සිටිය දී වීදුරු බෝතලයක් එහි වැදී බෝතලය කැඩී ගිය බවත් එය විසිරීයාම වැළැක්වීමට එකවරම යන්ත්‍රය ඉවත ගනිද්දී දරුවාගේ උදරය කැපී ගිය බවත් ඔහු පවසා තිබේ.

එම අවස්ථාවේ දී දරුවා තුවාල ලැබුවේ වීදුරු බෝතලය නිසායැයි ඇඟවීමට ක්‍රියා කළ බවත් එම ස්ථානයේ දරුවකු වැටී සිටින බව 119 දැනුම් දී දරුවා වීදුරු බෝතලයක් මත වැටී තුවාල ලබා ඇතැයි අසළ නිවැසියකුට ද පැවසූ බව ඔහු කියා තිබේ.

මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (08) රාත්‍රියේ සිදුකෙරුණු අතර මූලික විමර්ශනයේදී අනුමාන කෙරුණේ දරුවාට වීදුරු බෝතලයේ කටු ඇනී ඇති බවයි. මළ සිරුර මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනයේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබීය.

දරුවා මිය යාමට පැයකට පමණ පෙර එම ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් දරුවා එම වැඩබිමේ සිටින ආකාරය දැක තිබූ අතර ඇය පවසා තිබුණේ එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් ඒ අසළ තණකොළ කපමින් සිටි බවයි.

මුල්ලේරියාව හදිසි මරණ පරීක්ෂක චන්න පෙරේරා ද අද (09) උදෑසන සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකළේය.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමේ දී අනාවරණය වූයේ දරුවාගේ තියුණු ආයුධයකින් කැපී ඇති බවයි.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැකබලාගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසිනි. සීයා මෙම අනතුර වූ වැඩබිමේ මුරකරු ලෙස සේවය කරන නමුත් ඊයේ ඔහු වෙනත් ගමනක් ගොස් ඇත. සීයා දරුවාව අසළ නිවසක තබා යාමට සූදානම් වුවත් දරුවා පවසා ඇත්තේ “සීයා ගිහින් එන්න. මම තණකොළ කපන මාමා එක්ක පරිස්සමෙන් ඉන්නම්,” යනුවෙනි.

බිඳී ගිය වීදුරු බෝතලයේ කොටස් ඇති ස්ථානය සහ දරුවා මිය ගොස් වැටී සිටි ස්ථානය අතර පරතරය අඩි හතරක් වන නමුත් එම පරතරය තුළ බිම කිසිදු ලේ පැල්ලමක් නොතිබීම පොලිසයේ බලවත් සැකයකට හේතු වී තිබිණි. එමෙන්ම කුඩා දරුවකු බෝතලයක් මත වැටීමේ දී දරුවාගේ බරට බෝතලය කුඩු වී  මේ දරුණු කැපුම් තුවාලයක් සිදුවිය නොහැකි බව ද පොලිසිය සැකකර තිබිණි.

තුවාලය පරීක්ෂා කළ වෛද්‍යවරයා කියා තිබුණේ එය තියුණු ආයුධයකින් සිදුවූ කැපුම් තුවාලයක් බවයි. ඒ අනුව එම ස්ථානයේ තණකොළ කපමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු මරණය සිදුවූ ආකාරය විස්තර කර ඇත. සැකකරු හෙට (10) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!