spot_img

පාසල් දැරියන්ට අතවර කළැයි ටියුෂන් ගුරවරයා රිමාන්ඩ්

පුවත්

විදෙස්

පාසල් දැරියන් ලිංගික අපයෝජනයට ලක්කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් ඉංග්‍රීසි ගුරුවරයකු ලබන මස 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට පෙ‍ාළොන්නරුව මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ පොළොන්නරුව, විජයබාපුර පෞද්ගලික ඉංග්‍රීසි පන්ති පවත්වාගෙන යන එක්දරු පියෙකි.

ඔහු තම දියණිවරුන්ට ලිංගික අතවර කර ඇතැයි පුද්ගලයන් 06 දෙනකු විසින් පෙළොන්නරුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ අතවරයට ලක්වූ සියලුම දරුවන් වයස අවුරුදු 12-15 ත් අතර පසුවන බවයි. මෙම ගුරුවරයාගේ පන්තිවලට පැමිණෙන දැරියන් විශාල පිරිසක් ඔහුගේ අතවරයට ලක්ව ඇතැයි තොරතුරු ඇතත් දරුවන් අවමානයට පත්වනු ඇතැයි සිතා දෙමාපියන් ඒ බව පොලිසියට පැමිණිලි කර නැතැයි ද ‍පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles