spot_img
spot_imgspot_img

“රට හදන්න නම්, කැබිනට් මණ්ඩලය මෙසේ විය යුතුයි” – වෙරිටේ රිසර්ච් කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ආණ්ඩුවේ අකාර්ක්ෂමතාවට සහ ඵලදායීතාව අඩුවීමට අමාත්‍යාංශ බෙදා ඇති ආකාරය සහ ඒවාට එකිනෙකට නොගැලපෙන විෂයයන් එක්කිරීම හේතුවක් බවත් එමගින් විශාල මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය සමීක්ෂණයක් මගින් පෙන්වා දෙයි.

එම ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාව දියුණු සහ කාර්යක්ෂම රාජ්‍යයක් යන ඉලක්කය ළඟාකර ගැනීමට නම් අමාත්‍යාංශ 15ක් හොඳටම ප්‍රමාණවත් බවයි. අමාත්‍යාංශ ගණන වැඩිවීම රටේ පරිහානියට හේතුවක් බව එමගිින් පෙන්වා දෙයි.

පසුගිය මැයි 17 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ “අද අපට අමාත්‍යාංශ 30ක් පමණ තිබෙනවා. අප එය එතනට සීමා කරමු” යනුවෙනි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති සීමාව වන්නේ ද අමාත්‍යාංශ 30කි. නමුත් එය වෙරිටේ රිසර්ච් ආයතනය නිර්දේශ කරන ප්‍රමාණය මෙන් දෙගුණයකි.

“ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණඩලයේ සැකැස්මට තර්කානුකූල ක්‍රමවේදයක්” යනුවෙන් 2020 වර්ෂයේ දී වෙරිටේ රිසර්ච් ආයතනය ධවල පත්‍රිකාවක් නිකුත් කළේය. එමගින් පෙන්වා දී ඇත්තේ අකාර්යක්ෂමතාව අවම කරගනිමින්, ආණ්ඩුකරණ ව්‍යුහයේ තර්කානුකූළභාවය උපරිමයෙන් තහවරු කිරීමෙ හැකියාව ඇතිවන පරිදි අමාත්‍යාංශ 15ක් ස්ථාපිත කිරීම වඩාත් සුදුසු බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ එක් එක් අමාත්‍යාංශය යටතේ පැවතිය යුතු විෂයන් විවිධ අමාත්‍යාංශ අතර බෙදා හැරීමේ දී එකිනෙකට නොගැලපෙන විෂයයන් එකට එක්කර තිබීමත්, එකට තිබිය යුතු විෂයයන් වෙන්කර තිබීමත් හේතුවෙන් ආයතනික ගැටලු මතුවීම, තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රමාදවීම, ආණ්ඩුවේ වගවීම සක්‍රීය ලෙස ක්‍රියාත්මක වීමට පවතින හැකියාව පහත වැටීම, ආණ්ඩුවේ කටයුතුවලට වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම බරපතල ගැටලුවක් වී ඇති බවයි.

කැබිනට් අමාත්‍යධූර පිහිටුවීම සඳහා වර්තමානයේ අනුගමනය කරන පිළිවෙත මේ අකාර්යක්ෂමතාවට හේතුවකි. එැවින් වෙරිටේ රිසර්ච් ධවල පත්‍රිකාවෙන් නිර්දේශ කරන්නේ, රටට වඩාත් සුදුසු සහ ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද අමාත්‍යාංශ ගණනක් පමණක් නොව එම එක් එක් අමාත්‍යාංශයට නියමාකාරයෙන් විෂයන්, බලතල සහ ක්‍රියාකාරීත්වයන් හා ආයතනයන් අනුයුක්ත කිරීම ද, සිදුවිය යුතු බවය.

ආණ්ඩුවේ කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායීව සිදුවීමට නම් මෙම සුදුසුකම් සැපිරීම අත්‍යාවශ්‍ය වනු ඇත.

මෙම ගැටළුව විසදීමටත් වෙරිටේ රිසර්ච් නිර්දේශ ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ සමස්ත ආණ්ඩුකරණයේ සියලුම ක්‍රියාකාරීත්වයන් සහ කටයුතු, පවත්නා නීති, සහ ආයතන යන ත්‍රිත්ව අංශයන් අනුසාරයෙන් සිදුකර තිබෙන විශ්ලේෂණයකින්, එම එක අමාත්‍යාංශ 15 යටතට පත්කළ හැකි ආකාරයත් ‘ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සැකැස්මට තර්කානුකූල ක්‍රමවේදයක්’ මැයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන ධවල පත්‍රිකාවේ දැක්වේ.

මෙම සැකැස්ම ගැසට් පත්‍රයක් හරහා ප්‍රකාශයට පත් කිරීමෙන්, එම ක්‍රියාකාරීත්වයන්, නීති සහ ආයතනයන් අමාත්‍යාංශ 15ක් යටතට ගෙනවිත්, රටට ඔබින, කාර්යක්ෂම මෙන්ම ඵලදායී අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවාගැනීමට හැකියාව පවතී.

වෙරිටේ රිසර්ච් මගින් යෝජනා කරනු ලබන අමාත්‍යාංශ පහතින් දැක්වේ

  1. මූල්‍ය සහ සැළසුම්
  2. අධිකරණ
  3. ආරක්ෂක
  4. අධ්‍යාපන සහ පර්යේෂණ
  5. සෞඛ්‍යය
  6. කෘෂිකර්මය
  7. කම්කරු
  8. මහජන සේවා
  9. වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා
  10. ආර්ථික කටයුතු
  11. ස්වදේශ කටයුතු සහ රාජඵ පරිපාලන
  12. විදේශ කටයුතු
  13. පවුල්  සහ ප්‍රජා සේවා
  14. සමාජ සහ සංස්කෘතික
  15. පරිසර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!