spot_img
spot_imgspot_img

ජල සම්පාදන රියදුරකු ලක්ෂ 45ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

පුවත්

විදෙස්

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගයකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ලයේ මූලස්ථාන රියදුරකු ලෙස සේවය කළ  37 හැවිරිදි පුද්ගලයෙකි. 

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 45කට අධික වටිනාකමකින් යුතු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 365ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව මග්ගොන ඉන්ධන පිරවුම්හළ අසළ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!