4.1 C
New York

රාජ්‍ය ඇමති, ඩිපෝ කළමනාකරුට කුණුහරුපෙන් බනී

Published:

රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මාතලේ ඩිපෝ කළමනාකාරවරයාට බැන තර්ජනය කරන හඬ පටයක් සමාජ මාධ්‍යතුළ සංසරණය වෙමින් පවතී.

එම හඬපටය අසභ්‍ය වචනවලින් සමන්විත තර්ජනාත්මක එකකි. මාතලේ සිට රත්තොට, රිවර්ස්ටන් හරහා ලග්ගල, වැලිගම, මහියංගනය දක්වා මෙලෙස නව බස් රථයක් ධාවනයට එක්කර තිබිණි. එය එම ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක සිට කරන ලද ඉල්ලීමකි. උදෑසන රැකියා සඳහා යන පුද්ගලයන්ට මෙන් ම පාසල් දරුවන්ට ද එවැනි බස් රථයක් ධාවනයට එක්කිරීම පහසුවක් බව ඔවුන්ගේ ඉල්ලීම වී තිබිණි.

මෙම බස් රථය ධාවනයට එක්කිරීම සම්බන්ධයෙන් උරණ වූ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසන්නේ තමන්ගේ රත්තොට ආසනයේ ඇති බස්ර ආසනයෙන් පිට ධාවනය නොකරන ලෙසයි. තමන් කලින් ද මේ බව කියා ඇති බවත් දවල්ට හමුවීමට පැමිණෙන බවත් අමාත්‍යවරයා කියයි.

පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හෙතෙම ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

එම හඬපටය පහතින්

https://www.facebook.com/watch/?ref=external&v=927411508493942

Related articles

Recent articles

spot_img