spot_img
spot_imgspot_img

පාපැදියේ ගිය සිසුවා රිය අනතුරකින් මරුට

පුවත්

විදෙස්

පාපැදියක ගමන් කරමින් සිටි පාසල් සිසුවකු ඊයේ (16) සවස ඉපලෝගම, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ දී රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොන් මහඉලුප්පල්ලම, කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිංචි පුෂ්පික කසුන්ත සමරතුංග නමැති 15 හැවිරිදි සිසුවෙකි. ඔහු කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය.

උපකාරක පන්තියක් නිමවී නිවසට පා පැදියෙන් පැමිණෙමින් සිටියදී වූ ඔහු අනතුරට ලක්ව ඇත්තේ සිය නිවසට මීටර 500ක් පමණ දුරිනි.

සිසුවා පාපැදියෙන් ගමන් කරමින් සිටියේ දී ඔහු ඉදිරියට ආ මෝටර් රථය සිසුවාගේ පාපැදියේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ දුරකථන කණුවක ගැටී නතරවී ඇතැයි පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!