14.9 C
New York

කුවේට් රටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ආපසු එති

Published:

විදේශ රැකියා සඳහා යැයි පවසමින් කුවේට් වෙත ගොස් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එහි රැඳී සිටීම හේතුවෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලංකික කාන්තාවන් 32 දෙනෙක් අද (16) කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ.

මෙම කාන්තාවන් තමන් ගිවිසුම්ගත වූ රැකියා ස්ථානයෙන් පළාගොස් වෙනත් ස්ථානවල රැකියා කරමින් සිටි අය බව කුටේහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. වැඩි වැටුපක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් සහ තම ස්වාධීනත්වය වෙනුවෙන් කුවේට් රාජ්‍යයට යන ශ්‍රී ලාංකිකයන් 30,000ක් පමණ එලෙස තමන් ගිවිසුම්ගත ස්ථානවලින් ඉවත්ව සිටින බව ද තානාපති කාර්යාලය සඳහන් කර තිබිණි.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්, එ‍රට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම පිරිසට තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර බා දී ශ්‍රී ලංකාවට එවා තිබිණි.

එලෙස පැමිණි පිරිස කොළඹ, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, පුත්තලම, වව්නියා, සහ කින්නියා ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

Related articles

Recent articles

spot_img