1.3 C
New York

වැලිගම වෙඩිතැබීමකින්, පියා මරුට පුතා රෝහලට

Published:

වැලිගම, පිටදෙණියේ දී වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කමල් චමින්ද නමැති අයෙකි.

මියගිය පුද්ගලයා තම පුතා සමඟ වැලිගම වැලිගම – අකුරැස්ස මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඔවුන් පසුපස පැමිණි අයකු වෙඩි ප්‍රහාරය එල්ල කර පළා ගොස් ඇතය. පොලිසිය පවසන්නේ පියා එම ස්ථානයේ ම මිය‍ගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයත් සමඟ පුතා යතුරුපැදියෙන් පැන දිවගොස් ඇති අතර ඔහුට ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ඔහුගේ තත්වය ද බරපතල බව ද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Related articles

Recent articles

spot_img