spot_img

වැලිගම වෙඩිතැබීමකින්, පියා මරුට පුතා රෝහලට

පුවත්

විදෙස්

වැලිගම, පිටදෙණියේ දී වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කමල් චමින්ද නමැති අයෙකි.

මියගිය පුද්ගලයා තම පුතා සමඟ වැලිගම වැලිගම – අකුරැස්ස මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඔවුන් පසුපස පැමිණි අයකු වෙඩි ප්‍රහාරය එල්ල කර පළා ගොස් ඇතය. පොලිසිය පවසන්නේ පියා එම ස්ථානයේ ම මිය‍ගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයත් සමඟ පුතා යතුරුපැදියෙන් පැන දිවගොස් ඇති අතර ඔහුට ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ඔහුගේ තත්වය ද බරපතල බව ද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles