spot_img
spot_imgspot_img

TikTok ඔස්සේ, සල්ලි ඔට්ටුවට යතුරුපැදි තරඟයට ගිය තරුණයන් අත්අඩංගුවට

පුවත්

විදෙස්

TikTok ඔස්සේ සංවිධානකර මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීමේ යෙදී සිටි තරුණයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඔවුන් වැල්ලවත්ත සහ කොල්ලුපිටිය අතර මුහුදු මාවතේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 17 හා23 අතර පසුවන බත්තරමුල්ල, කිරිබත්ගොඩ, පිළියන්දල, මොරටුව සහ මඩපාත ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

යතුරු පැදි 500 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදු මාර්ගයේ ගමන් ගත් වාහන වලට සහ පදිකයන්ගේ ජීවිත හා දේපලවලට හානි වන ආකාරයෙන් වෙට්ටු දමමින් සහ තනි රෝදයෙන් ධාවනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනාවරණය වී ඇත්තේ මෙලෙස ඔට්ටුවට යතුරුපැදි ධාවන තරඟය සංවිධානය කර ඇත්තේ ටික්ටොක් ඔස්සේ බවයි. ඒ අනුව එහි සංවිධායකයන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

‍පොලිසිය පවසන්නේ ඔට්ටුවට මෙවැනි තරඟයක් සංවිධානය කිරීම රථවාහන වරදකට අමතර වරදක් බවයි. ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට රථවාහන වරද යටතේත්, මුදල් ඔට්ටුවට තරඟ සංවිධානය කිරීම සම්බන්ධයෙනුත් අධිකරණයට කරුණු වාර්තාකරන බව පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!