spot_img
spot_imgspot_img

රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවලට කැඳවීම ගැන නාමල්ගෙන් විරෝධයක්

පුවත්

විදෙස්

කෝප් කමුටවු, කෝපා කමිටුව ආදී පාර්ලිමේන්තු කමිටුවලට රාජ්‍ය නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් පාර්ලමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය විරෝධය පළකර තිබේ.

අද (12) පාර්ලිමෙන්තුවේ දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ නිලධාරීණ් මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ කමිටුවලට දිගට හරහට කැඳවීමෙන් ඒ අය රාජකාරී ආයතනවල වැඩ කරන්නේ කෙසේ ද යන්න ගැටලුවක් බවයි. එබැවින් නිලධාරීණ් පාර්ලිමේන්තු කමිටවුලට කැඳවීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ඔහු සඳහන් කළේය.

රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරන් පසුගිය කාලයේ පාර්ලිමේන්තු කමිටුවලට කැඳවූ අවස්ථාවල දී ඒ  සම්බන්ධ මාධ්‍ය ආවරණයක්  ලබාදීමට අවස්ථාව හිමිවීම හේතුවෙන් රාජ්‍ය ආයතනවල ඇති දූෂණ වංචා රැසක් මාධ්‍ය හමුවේ අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!