spot_img
spot_imgspot_img

සුද්දාගේ ඉඩම් නීතිය වෙනස් කරන්න යයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් ඇති අණ පනත් කාලීන අවශ්‍යතාවට ගැලපෙන ආකා‍රයෙන් සංශෝධනය කරන්න යැයි ජනාධිපිත රනිල් වික්‍රමසිංහ විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ සඳහා සුදුසු ප්‍රවීණයන්ගෙන් කමිටුවක් පත්කිරීමට ද යෝජිතය.

ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපපති ලේකම් කාර්යාලයේ දී පැවැති ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත් ප්‍රතිපාදන සංශෝධනය හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ යටත් විජිත පාලන කාලයේ පැවැති ඉඩම් නීතිය බවයි.

1 COMMENT

  1. මෙයා සුද්දගේ ඉඩම් නීතිය වෙනස් කරලා තමයි 2000 බලයට ආපු කාලේ පිටරැටියන්ට ලංකාවේ ඉඩම් මිලට ගැනීමේ නීතිය හැදුවේ. අන්තිමට ගාලු කොටුවේ ඉඩම් විදේශිකයෝ මිලට ගත්තා. මහින්ද මහතායි ඒ නීතිය වෙනස් කරලා විදේශිකයින්ට මේරටේ ඉඩම් මිලට ගැනීම තහනම් කරලා අපේ ඉඩම් බේරා දුන්නේ. මේ සැරේ මේ හාදයා මොකක් කරයිද දන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!