spot_img

බෝට්ටුවක් පෙරළී 22ක් මරුට

පුවත්

විදෙස්

ඉන්දියාවේ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ සංචාරක බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යෑමට ඉඩ ඇති බවයි.

අධික තදබදය නිසා තට්ටු දෙකේ බෝට්ටුව පෙරළී ගිය බව මලප්පුරම් දිස්ත්‍රික්කයේ කනිෂ්ඨ පොලිස් අධිකාරී අබ්දුල් නසාර් රොයිටර් පුවත් සේවයට පැවසීය.

ඉරිදා රාත්‍රියේ බෝට්ටුව පෙරළෙන විට එහි ධාරිතාව දෙගුණයක් පමණ වූ ප්‍රමාණයක් එනම් පුද්ගලයන් 50ක් පමණ පටවා සිටි බව වාර්තා වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් වෙබ් අඩවියේ ශෝකය ප්‍රකාශ කරමින් කියා සිටියේ “ජීවිත අහිමි වීම ගැන තමාට වේදනාවක්” ඇති බවයි.

බොහෝ මගීන් බෝට්ටුව යට සිරවී සිටි අතර අඳුර නිසා ගලවා ගැනීමේ කටයුතු අඩාල වූ බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි. තුවාල ලැබූවන් අතර පාසල් නිවාඩුවට පැමිණි කාන්තාවන් සහ ළමුන් ද වේ.

රෝහල් ගත කරන ලද පුද්ගලයින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව කේරළ ක්‍රීඩා සහ ධීවර අමාත්‍ය වී අබ්දුරහිමාන් පැවසීය.

සිද්ධිය වන විට බොහෝ මගීන් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිටි බව දිවි ගලවා ගත් අය ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසීය.

අතුරුදහන් වූ මගීන්ගේ නිශ්චිත සංඛ්‍යාව තවමත් පැහැදිලි නැත.

අනතුරට හේතුව සොයා බලධාරීහු පරීක්ෂණ පවත්වති.

https://www.bbc.com/news/world-asia-india-65522435

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles