12.2 C
New York

වෙසක් දා, දායකයෝ හිමිනම කණුවක ගැටගසති. පොලිසිය එනතුරු කිසිවෙකු හිමියන් බේරා නොගනී

Published:

වෙසක් පොහෝ වූ ඊයේ (05) අලුයම, මැදවච්චියේ විහාරස්ථානයක හිමිනමක් දායකයන් පිරිසක් විසින් කණුවක බැඳ දමා ගොස් තිබූ බවත් පොලිසිය ගොස් හිමියන් ඉන් මුදවාගත් බවත් මැදවච්චිය පොලිසිය පවසයි.

හිමියන් කණුවකට තබා ගැටගැසුවා යැයි සැකපිට එම විහාරස්ථානයේ ම දායකයන් 05 දෙනකු අත්අඩගුවට ගනු ලැබ ඇත.

හිමියන් පොලිසියට පවසා ඇත්තේ ඔවුන් මුහුණු ආවරණය කරගෙන පැමිණ මෙලෙස තමන් කණුවකට තබා ගැටගැසූ බවයි. ඊට පෙර දිනයේ (04) විහාරස්ථාන භූමියේ වෙසක් සැරසිලි කිරීමට දායකයන් පිරිසක් පැමිණ ඇත. එසේ පැමිණි පිරිස අතරින් කිහිප දෙනකු  බුදු මැදුරේ තැන්පත් කර ඇති බුදු පිළිමයක් ඉවතට ගෙන පිරිසිදු කිරීමට උත්සාහ ගත් බවත් ඊට තමන් අකමැති වීම හේතුවෙන් මෙලෙස පසුව පැමිණ තමන් ගැටගසා දමා ගිය බවත් පොලිසියට පවසා තිබිණි.

පොලිසියට මේ සිද්ධිය ආරංචි වී පැමිණෙන තුරු විහාරස්ථානයේ දායකයන් කිසිවෙකුත් හිමියන් බැඳ තිබූ ලණුව ඉවත්කර මුදා ගැනීමට ඉදිරිපත්ව නොසිටි බව ද පොලිසිය කියයි.

Related articles

Recent articles

spot_img