spot_img
spot_imgspot_img

තුන්වැනි චාර්ල්ස් කිරුළු පළදයි. වයස්ගතම රජු වාර්තාවත් ඔහුට

පුවත්

විදෙස්

බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල්ස් රජු අද (06) ලන්ඩන් නගරයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී කිරුළු පැළඳුවේය.

දෙවැනි එලිසබෙත් රැජින වසර 70ක කාලයක් බ්‍රිතාන්‍ය කිරුළ දරා ඇගේ මරණයෙන් පසු ඇයගේ වැඩිමල් පුතු චාර්ල් මෙලස බ්‍රිතාන්‍ය රජු බවට අභිෂේක ලැබුවේය.

බොහෝ දෙනකුගේ මතය වූයේ ප්‍රතිසංස්කරණ වාදි‍යකු ලෙස යම් ප්‍රසිද්ධියක් ලබා සිටි චාර්ල්ස් කුමරු රජ කිරුළ ප්‍රතික්ෂේප කරනු ඇති බවයි. නමුත් ඔහු 1953 වර්ෂයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජාභිෂේක උත්සවයට සාපේක්ෂව ඉතාමත් සරල සහ කෙටි උත්සයකින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රජු ලෙස කිරුළු පැළැන්දේය.

ලෝකයේ දියුණු මානුෂීය ගුණාංග හමුවේ වැඩවසම් රාජාණ්ඩුක්‍රමය ප්‍රතික්ෂේප වී තිබුණ ද වර්ෂාපතනය ඇති විය හැකියැයි පුරෝ කතනයන් පවා නොතකා මේ අභිෂේක මංගල්‍යය දැක බලාගැනීම සඳහා බ්‍රිිතාන්‍ය වැසියන් සහ විදේශිකයන් අති විශාල පිරිසක් පෙර දින සිට ම එම උත්සවය පැවැත්වෙන මාර්ගය දෙපස රැස් කමින් සිටි බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක සැමරුම් විධිමත්ව ආරම්භ කෙරුණේ බකිංහැම් මාළිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ වෙත ගමන් කරනා පෙරහැරකිනි.

අද රාජාභිෂේක ලැබූ චාර්ල්ස් පිලිප් ආතර් ජෝර්ජ් කුමරු එඩිම්බරෝ හි ආදිපාද පිලිප් කුමරුට දාව සහ බ්‍රිතාන්‍යයේ එවක කිරුළ හිමි එලිසබත් කුමරියගේ කුසින් උපත ලැබුවේ 1948 වසරේ නොවැම්බර් මස 14වැනිදාය.

ඒ එංගලන්තයේ ලන්ඩන් හි බකිංහැම් මන්දිරයේ දීය. ඔහු කුඩාකළ එඩිම්බරෝ හි චාර්ල්ස් කුමරු ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ ඔටුන්න හිමි දෙවැන්නා ලෙසිනි. 1952 වසරේ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවයත් සමග එලිසබෙත් කුමරිය දෙවන එලිසබෙත් නමින් රාජ්‍යත්වයට පත්වීමත් සමග චාල්ස් කුමරු ඔටුන්නේ ඊළඟ මිහිකරු බවට පත්වූයේය. නමුත් ඔහුට කිරුළ හිමිවීමට වසර 70ක් ගත වූයේ ඔහුගේ මව දෙවැනි එලිසබෙත් රැජින වසර 70ක් රජ කිරීමයි. එය බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් රාජ්‍යත්වය දැරූ පුද්ගලලයා ද වූවා ය.

එංගලන්තයේ චීම් සහ ගෝඩන්ස්ටන් පාසල්වලින් අධ්‍යාපනය ලද චාල්ස් කුමරු සිය කලා උපාධිය හිමි කරගත්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙනි. අනතුරුව චාල්ස් කුමරු රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් සහ නාවික හමුදාව වෙනුවෙන් වසර 5ක කාලයක් සිය සේවය ලබා දී ඇත.

1976 වසරේ දී චාල්ස් කුමරු “කුමරුගේ අරමුදල” නමින් පදනමක් පිහිටවූයේ එංගලන්තයේ තරුණ ප්‍රජාව වෙනුවෙනි.

රැකියා විරහිත, නිවාස අහිමි මෙන්ම මානසික රෝගවලින් පීඩාවිඳින තරුණයින්ට සහායවීම මෙම පදනමේ අරමුණ විය.

1981 වසරේ ජූලි මස 29 වන දින චාල්ස් කුමරු ඩයනා කුමරිය සමග විවාහ දිවියට එළැඹුණු අතර එය ලෝකයේ වැඩිම පිරිසක් නැරඹූ සජීවී විවාහ මංගල්‍යය ලෙස අදටත් වාර්තා වෙයි. එම විවාහ මංගල්‍ය පෙරහැර නැරඹීමට ලක්ෂ 5කට අධික පිරිසක් එදින රැස්වී සිට ඇති අතර ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවේ පවා එම විවාහ උත්සවය සජීවීව විකාශය කෙරිණි.

චාර්ල්ස් කුමරුගේ  පළමු දරුවා ලෙස ඩයනා කුමරියගේ කුසින් විලියම් කුමරු 1982 දී උපත ලද අතර හැරී කුමරු 1984 දී උපත ලැබුවේය. නමුත් පසුකාලීනව ඔවුන්ගේ විවාහය දෙදරා ගිය අතර දෙදෙනා නීතියෙන් වෙන්වූශ.  ඒ 1996 වර්ෂයේ දී ය . ඩයනා කුමරිය රිය අනතුරකින් මියගිය පසු චාර්ල්ස් කුමරු 2005 වර්ෂයේ දී කැමිලා පාකර් සමඟ විවාහ වූයේය.

2022 වසරේ සිදුවූ දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමඟ නව රජු ලෙස  එවක 73වන වියේ පසු වූ චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු පත්වුව ද ඔහුගේ රාජභිෂේකය සිදුවූයේ අද දිනයේ දී ය.

බ්‍රිතාන්‍යයේ රාජ්‍යත්වයට පත් වූ වයස්ගතම රජු වන්නේ තුන්වැනි චාර්ල්ස් රජුය

1 COMMENT

  1. Glory To Great Britain’s Prince Charles The 3rd..🤴May God Bless him..🙏✝️Conquer British Empiricists..👑 ❤️🙏

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!