spot_img
spot_imgspot_img

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රටට කෝටි 200ක් පොලු තියලා

පුවත්

විදෙස්

විදේශගත වී යළි රටට නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් රජයට අයවිය යුතුව ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය විය.

උසස් අධ්‍යාපනයට සහ සප්ත වාර්ෂික නිවාඩු මත ඔවුන් විදේශගත වී ඇත.

විදේශගත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 617 දෙනකු අතරින් ශ්‍රී ලංකාවට නොපැමිණි 84 දෙනකු පමණක් බැඳුම්කර මුදල් ගෙවා නිදහස් වී තිබෙන බව ද එහි දී අනාවරණය විය.

විදේශගත වී ආපසු නොපැමිණි ආචාර්යවරුන්ගෙන් වැඩිම පිරිසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ අයයි. එම සංඛ්‍යාව 122 කි. නමුත් වැඩිම මුදලක් ගෙවීමට ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කර විදේශත වී ආපසු නොපැමිණි ආචාර්යවරුන් විසිනි. එම මුදල රුපියල් මිලියන 323කි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයකර විදෙස්ගත වී ආපසු නොපැමිණි ආචාර්යවරු රුපියල් මිලියන 237ක් ගෙවිය යුතු අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සේවය කර විදේශගත වී ආපසු නොපැමිණි ආචාර්යවරු රුපියල් මිලියන 188ක් ගෙවිය යුතුය.

මෙලෙස ගෙවීම් පැහැරහැර ඇති ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ එම මුදල අයකරගැනීමට වහාම ක්‍රියාකළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මාසයක් ඇතුළත කෝප් කමිටුවට දැනුම් දෙන ලෙසත් එහි දී කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දන්වා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!