spot_img
spot_imgspot_img

මහර බන්ධනාගාරයේ දී රැඳවූවන් 11 දෙනකු මියයාම, අපරාධයක් බව තීරණය කරයි

පුවත්

විදෙස්

මහර බන්ධනාගාරයේ රැඳවූවන් කොරෝනා පරීක්ෂණ සහ ආසාදිතයන්ට ප්‍රතිකාර ඉල්ලා  2020 නෙවැම්බර් 9 වැනි දා කරන ලද විරෝධතාවක දී වෙඩි තැබීමකින් රැඳවූවන් 11 දෙනකු මරණයට පත්වීම අපරාධයක් බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන ඊයේ (26) නියෝග කර තිබේ.

එම සිදුවීමට අදාල මහේස්ත්‍රාත් තීන්දුව ප්‍රකාශට පත්කරමින් මෙම තීන්දුව ලබා දී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ රැඳවූවන් බන්ධනාගාරයේ ඖෂධ ගබඩාව කඩා එහි ඇති ඇතැම් ඖෂධ භාවිතා කර මත් වී කළහකාරී ලෙස කටයුතු කළ බවයි. නිලධාරීන්ගේ එම ප්‍රකාශය හේතුවෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් ද විමර්ශනයක් කර තිබිණි. එම වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ මියගිය කිසිදු රැඳවියකුගේ සිරුරට මත්වන ඖෂධ ඇතුළු වී ඇති බවට හෝ ඒවැනි ඖෂධ භාවිතා කළ බවට හෝ සාක්ෂියක් නැති බවයි.  

කලහකාරී තත්වය පාලනය කිරීම සඳහා දණහිසෙන් පහළට වෙඩි තැබීමට අණකළ බව බන්ධනාගාර නිලදාරීන් පැවසුව ද අදාළ විශේෂඥ වෛද්‍ය මණ්ඩල වාර්තාවේ දැක්වෙන්නේ කිසිම අයකුගේ දණහිසෙන් පහළට වෙඩි තැබූ බවක් දක්නට නොලැබෙන බවයි.

සියලු කරුණු සළකා බැලීමේ දී වෙඩි තැබීම කර ඇත්තේ පිරිස විසුරුවාහැරීම සඳහා ද යන්න සැක සහිත බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේය.

එබැවින් මෙම මරණ 11ම අපරාධබව මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන තීරණය කළේය. එබැවින් වෙඩි තැබීමට අණ කළ සහ වෙඩි තැබීම සිදුකළ සියලු ම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!