spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 12,834ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 928ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 79ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,012ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 132
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 120
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 60

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 02
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 1.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 33%
  • නේෂන්ස් ලංකා සමාගම 25%
  • ඔන්ලේ හෝල්ඩින්ස් සමාගම 14%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 308
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 185

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 161ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 107ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 54ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම  රුපියල් මිලියන 122
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 07
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 83

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!