spot_img
spot_imgspot_img

සයනයිඩ් දී මිතුරන් 12 දෙනෙකු ඝාතනය කළ කාන්තාවක්

පුවත්

විදෙස්

තම මිතුරන් සහ හිතවතුන් 12 දෙනෙකුට සයනයිඩ් වස දමා ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තායි පොලිසිය පවසයි.

සරාරත් නම් මෙම කාන්තාව පසුගිය අඟහරුවාදා බැංකොක්හිදී අත්අඩංගුවට ගනු ලැබුවේ මිතුරෙකුගේ මරණය සම්බන්ධයෙන් මෑතදී කළ විමසීම් වලින් පසුවය.

මෙම මස මුලදී සරරාත් සමඟ සංචාරයක යෙදී සිටියදී ඇය මිය යාමත් සමඟ වින්දිතයාගේ පවුලේ අය සැක පහළ කර ඇත.

විමසීම්වලින් පසුව, පොලිසිය මේ සතියේ කියා සිටියේ සරරත් හිටපු පෙම්වතෙක් ඇතුළු තවත් 11 දෙනෙකු ඝාතනය කර ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

ඇය මූල්‍ය හේතූන් මත ඝාතනය කර ඇති බවට පොලිසිය චෝදනා කරයි. සරරත් සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. තායි අධිකරණය ඇයට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

සති දෙකකට පෙර ඇය සිය මිතුරිය සමඟ බැංකොක් නගරයට බටහිර දෙසින් පිහිටි රචබුරි පළාතට ගොස් ඇති අතර එහිදී ඔවුන් ගංගාවක බෞද්ධ ආරක්ෂක චාරිත්‍රයකට සහභාගි වී ඇති බව පොලිසිය පවසයි.

ටික වේලාවකට පසු ඇගේ මිතුරිය ගං ඉවුරේ ඇද වැටී මිය ගියාය.

මරණ පරීක්ෂණයේදී ඇයගේ සිරුරේ සයනයිඩ් අංශු හමු වූ බව පොලිසිය පවසයි. ඇය සොයා ගන්නා විට ඇයගේ දුරකථනය, මුදල් සහ ගමන් මල්ල ද අතුරුදන්ව තිබිණි.

අනෙක් වින්දිතයන් ද මේ ආකාරයෙන්ම මිය ගොස් ඇති බව බලධාරීහු පැවසූ නමුත් වැඩිදුර තොරතුරු අනාවරණය කර නැත. මිනීමැරුම් ආරම්භ වූයේ 2020 දී බව ඔවුහු පැවසූහ.

ඔවුන් වින්දිතයන් සියල්ලන්ම හඳුනා නොගත් නමුත් මියගිය අය අතර සරරාත්ගේ හිටපු සහකරු මෙන්ම කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු ද නම් කරන ලදී.

තායි පොලිසිය සරරාත්ගේ සහකරුගෙන්ද ප්‍රශ්න කර ඇත. ඔහු, ඇගේ මිතුරිය මියගිය රචබුරි පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි. තායිලන්ත මාධ්‍ය වාර්තා කළේ මෙම යුවළ මෑතකදී වෙන් වී ඇති බවයි.

පොලීසිය පැවසුවේ, වින්දිතයින් සියලු දෙනාම සරරාත් දන්නා බවත්, මූල්‍යමය හේතු මත ඇය එසේ කරන්නට පෙළඹෙන්නට ඇති බවත් ය.

https://www.bbc.com/news/world-asia-65395398

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!