කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 10,692ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 966ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 18ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,260ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 256
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 92
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 44
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්ලූඩයමන්ඩ් සමාගම කොටස් මිලියන 10
- ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 08
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- බ්ලූඩයමන්ඩ් සමාගම (X) 33%
- බ්ලූඩයමන්ඩ් සමාගම 25%
- නේෂන් ලංකා සමාගම 25%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 860,000ක් රුපියල් 64.00 බැගින්
- හැටන් නැෂනල් බැංකුව කොටස් 174,000ක් රුපියල් 119.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 327
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 311ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 83ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 228ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 191
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 33
- ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 18
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 70
- බයිරහා ෆාම් සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ