spot_img

රුසියානු ප්‍රහාරක යානා රුසියානු නගරයකට ම පහර දෙයි

පුවත්

විදෙස්

රුසියානු ප්‍රහාරක ජෙට් යානායක් විසින් රුසියාවේ බෙල්ගොරොඩ් නගරයට ඊයේ (20) රාත්‍රී ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ අත්වැරදීමක් හේතුවෙන් රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් විසින් මෙම පහරදීම කර ඇති බවයි. එම නගරය යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටා ඇත.

මෙම ප්‍රහාරය හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා‍ වේ.

බෝම්බ පතිතවීම හේතුවෙන් එම බෙල්ගොරොඩ් නගරයේ මීටර 20ක පමණ විශ්කම්භයකින් යුතු වළවල් හැරී ඇතැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්රේනයට ප්‍රහා රඑල්ල කිරීමට යන රුසියානු ප්‍රහාරක ජෙට්යානාවල ගමන් මාර්ගය මේ නගරයට ඉහළින් ඇති බවයි. යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර 40ක් පමණ ඈතින් පිහිටා ඇති බෙල්ගොරොඩ් ගම්මානයේ 370,000ක පමණ ජනගහනයක් සිටින බව ද පැවසේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles