කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 10,802 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 933ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 12ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,279ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 119
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 106
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 99
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 11
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 03
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 02
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කොගො බෝට් සමාගම 13%
- ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම 09%
- පෙගසස් හෝටල් සමාගම 09%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- හේලීස් සමාගම කොටස් 368,000ක් රුපියල් 72.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 331
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 247ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 103ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 144ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 97
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 24
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 12
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 03
- බයිරහා ෆාම් සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ