spot_img
spot_imgspot_img

ඇමති සියඹලාපිටිය අනතුරට ලක්වේ

පුවත්

විදෙස්

කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියකු කරවනැල්ල මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අමාත්‍යවරයාට ඇත්තේ සුළු ආබාධ තත්වයක් බවත් ඔහුට ඉක්මණින් රෝහලෙන් පිටව යා හැකි බවත් පැවසේ. මේ අතර ඔහුගේ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත ව සිටියි.

අනතුර ලක්ව ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු 05 දෙනකු ගමන් ගත් ජීප් රථයකි. අමාත්‍යවරයාගේ නිවස ආසන්නයේ දී එම රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!