spot_img
spot_imgspot_img

ගාල්ලේ අධ්‍යාපන ලොක්කෙක් මැතිවරණ නීති කඩලා. වහාම පරීක්ෂණ

පුවත්

විදෙස්

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගාල්ල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තම තනතුරේ බලය අයුතු ලෙස යොදා ගනිමින් මැතිවරණයට බලපෑම් කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ගාල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක වසන්ත අභයගුණවර්ධන මහතා යටතේ ඇති විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වට්ස්ඇප් සමූහ වලට ඔහු විසින් මැතිවරණය සම්බන්ධයෙන් පණිවිඩයක් යවා තිබිණි. එම පණිවිඩයේ සඳහන් වන්නේ තැපැල් ඡන්දය ඉල්ලුම් කර ඇති නිලධාරී නිලධාරිනියන් නොවරදවාම සඳුදා (28) දිනයේ තැපැල් ඡන්දය භාවිතා කළ යුතු බවයි. කිසියම් අයෙකු එලෙස තැපැල් ඡන්දය භාවිතා නොකරන්නේ නම් තැපැල් ඡන්දය භාවිතා නොකිරීමට හේතු සඳහන් කර අඟහරුවාදා (29) දින ලිඛිතව කරුණු දැක්විය යුතු බවද කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සිය වට්ස්ඇප් පණිවිඩයේ සඳහන් කර ඇත. එමෙන්ම මෙම දැනුම්දීම සිදුකරන්නේ මැතිවරණ කොමිසමේ දැනුවත් කිරීම මත බවද ඔහු තම වට්ස්ඇප් පණිවිඩයේ සඳහන් කර තිබිණි.
අප මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසූ විට එහි නිලධාරියෙකු කියා සිටියේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාගේ පරිපාලනය යටතේ පවතින සමූහ වෙත යවා ඇති පණිවිඩය සම්බන්ධයෙන් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි බවයි.
තැපැල් ඡන්දය ඉල්ලුම් කර තිබියදී ම ඡන්දය ප්‍රකාශ කිරීම හෝ නොකිරීම ඡන්ද දායකයාගේ කාර්යයක් බවත් එයට තම තනතුරේ බලය අයුතු ලෙස භාවිතා කරමින් බලපෑම් කිරීම වරදක් බවත් මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේය.
එමෙන්ම තැපැල් ඡන්දය ඉල්ලුම් කර ඇති රාජ්‍ය නිලධාරීන් තැපැල් ඡන්දය ප්‍රකාශ කර නැත්නම් ඔවුන්ගෙන් ඊට හේතු විමසීමට කිසිදු නිලධාරියකුට අයිතියක් නොමැති බවත් එලෙස හේතු දක්වන්න යැයි මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් කර නොමැති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියේ මෙය රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් සහ ඡන්දයට සෘජු බලපෑම් කිරීමක් බැවින් කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මීට පෙර මැතිවරණ වලදී ද එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රචාරක කටයුතු සිදුකළ බවට ද ගුරුවරු චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!