කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 18,068ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,673ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 88ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,411ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 311
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 189
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 109
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 17
- මාරවිල හොටෙල් සමාගම (X) කොටස් මිලියන 10
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මාරවිල රිසෝට් සමාගම (X) 100%
- බේරුවල රිසෝට් සමාගම 15%
- ඇග්ස්ටාර් පොහොර සමාගම 15%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 137.50 බැගින්
- හේලීස් සමාගම කොටස් 450,000ක් රුපියල් 73.00 බැගින්
- ලංකා ටයිල් සමාගම කොටස් 923,000ක් රුපියල් 48.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 329
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 193 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 160ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 33ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 164
- ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 08
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 67
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 25
- එච්එන්බී බැංකුව රුපියල් මිලියන 25
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ