-5.9 C
New York

අරගලයට වසරයි

Published:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමට සමත් වූ ගෝල්‍ෆේස් අරගලය ආරම්භ වී අද (09) වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අරගලයේ දී මියගිය පිරිස සැමරීම ගාලු මුවදොර පිටියේ දී සිදුකෙරුණු අතර කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබිණි.

මේ සඳහා ඝාතනයට ලක්වූ අයගේ පවුල්වල සාමාජික සාමාජිකාවෝ සහ අරගලකරුවන් පිරිසක් සම්බන්ධ වී සිටියහ. ගාලු මුවදොර පිටියේ එම අවස්ථාවේ 400ක පමණ පොලිස් භට පිරිසක් රැඳී සිටි බවත් සැමරුම සඳහා සහභාගී වූ පිරිසගේ පුද්ගලික තොරතුරු පොලිසිය විසින් බලහත්කාරයෙන් ලබාගත් බවත් එයට සහභාගී වූ පිරිස් කියති.

‘ගෝඨා ෆේල් රනිල් සේල්’, ත්‍රස්ත පනත අහෝසි කරනු’ සහ ‘ජනතා බලය ගොඩනගමු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැති අතර ඒ සඳහා ද අරගලකරුවන් රැසක් සහභාගී වී සිටියහ.

Related articles

Recent articles

spot_img