spot_img
spot_imgspot_img

ඩුබායි ගිය යානයේ කාර්මික දෝෂයක්, ගමන නවතා කටුනායකට එයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 225 දරණ ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම නිසා යළි කටුනායක ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩබස්වා ඇතැයි ගුවන්තොටුපො‍ළ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම යානය ඊයේ (07) සවස 6.25ට කටුනායක සිට ඩුබායි බලා යාමට නියමිතව තිබිණි. එසේ වුව ද පැවැති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් යානය අද (08) උදෑසන 9.30 ට සිය පියාසැරිය ඇරඹීය.

ගුවන යානය පිටත්ව ගොස් පැය 01යි විනාඩි 10කට පසු නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

යානයේ නියමු කුටියේ ඉදිරිපස වීදුරුව ඉරිතැලීමකට ලක්වීම හේතුවෙන් මෙලෙස ආපසු කටුනායක දක්වා පැමිණ තිබිණි. යානය ආපසු හැරවීමක් සිදුකරන විට ඉන්දියානු ගුවන් සීමාව ආසන්නයේ පැවති බව ද වාර්තා වෙයි.

ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරන්නේ යානයේ මගීන් 189 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනකු ගමන් කරමින් සිටි බවයි.

යානය අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකිරීමට සිදුවන බැවින් එම මගීන් වෙනත් ගුවන් යානයකින් අද (08) සවස ඩුබායි බලා යැවීමට කටයුතු සූදානම් කරමින් තිබේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!