-0.1 C
New York

බිග්මැච් කොඩි දැමීමට ගිය පාසල් සිසුවකු බරපතල තුවාල ලබයි

Published:

“කළුතර මැංගුස් හටන” මහා ක්‍රිකට් තරඟය වෙනුවෙන් පාසල් කොඩි දැමීමට ගිය පාසල් සිසුවකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

අඩි 50ක් පමණ උසැති කොඩි කණුවක් ඔහුගේ සිරුර මතට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය ජාතික පාසල අතර අප්‍රේල් මස 21 සහ 22 දෙදින මෙම තරඟය පැවැත්වෙයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ කළුතර විද්‍යාලයේ සිසුවෙකි. ඔහු තම පාසල ඉදිරිපිට ගාලු පාරේ කොඩි සවිකිරීමට සම්බන්ධ වී සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

කොඩිය සවිකිරීමේ දී සමබරතවා බිඳීගොස් කොඩිය කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගය හරහා වැටී ඇති අතර සිසුවා ඊට යටවීමෙන් දකුණු බරපතල තුවාල ලබා ඇත.

Related articles

Recent articles

spot_img