spot_img
spot_imgspot_img

“දිනේෂ් ෂා‍ෆ්ටර්ගේ වෛද්‍ය වාර්තාව බොරුවක්” බිරිඳ අධිකරණයට දැනුම් දෙයි

පුවත්

විදෙස්

තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් තමා විසින් ප්‍රකාශ නොකළ දේවල් පවා විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු විසින් අධිකරණයට වාර්තා කර ඇතැයි ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකුව සිටිය දී මියගිය ‍දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිඳ ටානියා ෆර්මන් ෂාර්ෆ්ටර් ඊයේ (04) අධිකරණයට දැනුම් දුන්නාය.

ඇය මේ ප්‍රකාශය කරන ලද්දේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරියට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමිනි.

මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න විසින් එම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කළ අතර එමගින ෂාෆ්ටර්ගේ බිරිඳ කියා තිබුණේ තම සැමියා සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු තමාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. එම අවස්ථාවේ දී තමන් ප්‍රකාශ නොකළ කරුණු වෛවද්‍යවරයා ඔහුගේ වාර්තාවට ඇතුළත් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව එම වාර්තාව අසථ්‍ය කරුණු ඇතුළත් වූවක් බවත් ඇය කියා තිබිණි.

මරණයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෙඅත් බැඳ දමා තිබූ සිප් ටයි පටියේ දත් පාරවල් නොමැති බවත් එය කපාදැමීමේදී ඇතිවූ කඩතොලු සහිත කැළැල් පමණක් ඇතුළත්ව ඇති බවත් රජයේ රස පරික්ෂක වාර්තාවේ සඳහන්ව ඇතැයි ද ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න ඊයේ (04)  අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිප් පටියේ දත් පාරවල් ඇති බවට සදහන් කරමින් එය නිරීක්ෂණය කර වාර්තා කැදවිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ රස පරික්ෂකවරයා වෙත එම පටිය යොමු කර තිබූ අතර එම වාර්තාව ලබා දෙමින් රජයේ රස පරීක්ෂකවරයා මෙම වාර්තාව එවා ඇතැයි ද ජනාධිපති නිතීඥවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

එම රස පරීක්ෂක වාර්තාව ද විශේෂඥ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කරන ලෙස මෙහිදී ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.  ඒ අනුව එම වාර්තාව පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩයලයට යොමුකිරීමට මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!