spot_img
spot_imgspot_img

පරිගණක අළෙවියේ සහ සේවාවේ දැවැන්තයා, sell-X Computers මෙහෙයුම් කටයුතු පුළුල් කරයි

පුවත්

විදෙස්

(Advertorial)

ශ්‍රී ලංකාවේ සියලුම සන්නාමයන්ගෙන් යුත් පරිගනක අලෙවියේ දැවැන්තයා වන  sell-X Computers පුද්ගලික සමාගමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කරමින්  සිය ප්‍රධාන කාර්යාලය සහ ප්‍රදර්ශනාගාරය නව පස් මහල්  ගොඩනැගිල්ලක උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

ලංකාව පුරා බෙදාහැරීම් ජාලයකට සහ දකුණු පළාත සහ අගනුවර කේන්ද්‍ර කරගනිමින් පරිගනක සහ ඒ ආශ්‍රිත උපාංග අලෙවියේ දැවැන්තයා වන sell-X Computers, ගාල්ල,  කිතුලම්පිටිය ප්‍රදේශයේ නව ගොඩනැගිල්ලකට, සිය ප්‍රධාන කාරේයාලය රැගෙන ගියේ දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පාරිභෝගික ජනතාව තුළ දිනාගත් විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් වඩාත් පුළුල් සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙනි.

‘‘දැනට දශක දෙකකට පමණ පෙරදී භාවිතා කරනු ලැබූ පරිගනක පහකින් තමයි sell-X Computers පුද්ගලික සමාගම ආරම්භ කරනු ලැබුවේ. අද වන විට ලෝකයේ ප්‍රධානතම සන්නාම සියල්ලම ලංකාව තුළ බෙදාහරින, අලෙවි කරන සහ අලෙවියෙන් පසු සේවා ලබාදෙන දැවැන්ත ආයතනයක් බවට අප ආයතනය පත්ව තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ආයතන පහක්, මාතර දිස්ත්‍රික්කයේ ආයතන දෙකක්, කොළඹ කේන්ද්‍ර කරගෙන ආයතනයක් සහ දිවයින පුරා විහිදී ගිය ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක් අප සතු වෙනවා“ sell-X Computers පුද්ගලික සමාගමේ ආරම්භක සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සමීර බෝපගේ පැවසුවේය.

sell-X Computers පුද්ගලික සමාගම පරිගනක අලෙවියෙන් ඔබ්බට ගොස් පරිගනක ආශ්‍රිත  අනෙකුත් නවීන තාක්ෂණික සේවාවන් ලබාදීමට ද කටයුතු කරමින් සිටී. පරිගනක පිළිබඳ කීර්තිමත් විශේෂඥතාවයක් සහිත CCTV සහ ආරක්ෂක විසඳුම්. ජාල විසඳුම්, කැමරා විසඳුම්, ආරක්ෂාව සහ ප්‍රවේශ පාලන විසඳුම්, පුද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු (PABX) විසඳුම්, පොදු ලිපින ශබ්ද පද්ධති (PASS) ඇතුළත් ව්‍යාපාර සහ නිවාස සඳහා අවසානය දක්වා විසඳුම් සැපයීමේ පුරෝගාමී සේවයක් මේ වන විට sell-X Computers පුද්ගලික සමාගම විසින් ලබාදෙයි.

sell-X Computers පුද්ගලික සමාගම නව නිවහනක ස්ථාපිත කිරීමත් සමගින් නවතම සේවාවන් රැසක් එකම වහලක් යටින් ලබාගැනීමේ අවස්ථාව සිය පාරිභෝගියින්ට ලබාදී තිබේ. විශේෂයෙන්ම පරිගනක ක්‍රීඩා ආශ්‍රිත සියලුම පරිගනක උපාංග හා සේවාවන් පහසු මිලකට ලබාදීමට sell-X Computers කටයුතු කරමින් සිටින අතර නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමට සමගාමීව පරිගනක ක්‍රීඩා ආශ්‍රිත අත්දැකීම් නොමිලේ ලබාගැනීමේ අවස්ථාවද ලබාදී තිබේ.

ප්‍රධාන කාර්යාලය සහ ප්‍රදර්ශනාගාර නව පස් මහල් ගොඩනැගිල්ලක විවෘත කිරීමට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම sell-X Computers ප්‍රදර්ශනාගාරවලින්  පරිගනක මිල දී ගැනීමේදී විශේෂ වට්ටම් ලබාදීමටද කටයුතු කරමින් සිටී. ඒ අනුව  ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට සමගාමීව නිකුත් කර ඇති වවුචරපත් ඉදිරිපත් කිරීමෙන් අදාල වට්ටම් ලබාගැනීමට ද හැකිය.

උසස් සදාචාරාත්මක ප්‍රමිතියක් සහ ව්‍යාපාරික ප්‍රතිපත්ති ආරක්ෂා කරන sell-X Computers අඛණ්ඩතාවය, විශ්වසනීයත්වය හා වෘත්තීයභාවයෙන් යුත් සේවාවන් සපයන අතර එය රට පුරා විහිදී ගිය තෘප්තිමත් ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් ගොඩ නැගීමට හේතුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!