spot_img

විදුහල්පතිනිය, පාසල් දරුවන්ට කෑම නොදී විදුහල්පති සැමියාගේ උපන්දිනය සමරලා

පුවත්

විදෙස්

මැදිරිගිරියේ පාසලක ප්‍රාථමික දරුවන්ට උදෑසන ආහාර සඳහා රජයෙන් වෙන්කර ඇති මුදලින් තම සැමියාගේ උපන්දිනයට සාදයක් පැවැත්වූ විදුහල්පතිනියක් සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිතිය කලාප අධ්‍යාපන කාර්යාලයට සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

විදුහල්පතිනියගේ සැමියා ද ප්‍රදේශයේ ම වෙනත් පාසලක විදුහල්පතිවරයකු ලෙස කටයුතු කරය.

විදුහල්පතිනියගේ පාසලේ, රජයේ ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එක් සිසුවකුට දිනකට රුපියල් 100.00 බැගින් ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් 720ක් සඳහා දිනකට රුපියල් 72,000.00ක් වැයකරයි.

විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දිනය යෙදී තිබී ඇත්තේ දෙසැම්බර් 05 වැනි දා ය. එදින දරුවන්ට ආහාර ලබාදීමට හැකියාවක් නොමැති බැවින් කෑමට අවශ්‍ය දෑ සපයා ගන්නා ලෙස දරුවන් වෙත වට්ස්ඇප් පණිවිඩ ඊට පෙර දිනයේ යොමුකර තිබී ඇත. පසුව කළ සොයාබැලීමක දී වාර්තා වූයේ 2022 දෙසැම්බර් 05 වැනි දා ආහාර සපයන කොන්ත්‍රාත්කරුගෙන් විදුහල්පතිනිය තම සැමියාගේ උපන්දින සාදයට අවශ්‍ය කිරිබත්, කොකිස්, කට්ලට්ස්, කඩල ආදිය සපයාගෙන ඇති බවයි. මෙම ආහාර ද්‍රව්‍ය සඳහා අදාල ගෙවීම් කර ඇත්තේ දරුවන්ගේ ආහාර වේල සැපයීමට බව සඳහන් කරමින් වවුචරයක් යොදාගෙන බව ද තහවුරු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles