spot_img
spot_imgspot_img

පොලිසිය ගොවීන් පන්නා, දේශපාලකයාගේ බෑණාට ඉඩම් අල්ලා දෙයි. මාධ්‍යවේදීන්ටත් තර්ජන

පුවත්

විදෙස්

දශක කිහිපයක් ගොවිතැන් කළ ගොවීන්ගේ විරෝධතාව නොතකමින් ‍රස්නාපුර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් දේශපාලනඥයකුගේ බෑණා කෙනෙකුට රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස අල්ලා දීමේ සිද්ධියක් වාර්තා විය.

දේශපාලකයාගේ බෑණාගේ සුඛෝපභෝගී ජීප් රථයෙන් එහි පැමිණි ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම ව්‍යාපාරික බෑණාට ඉඩමේ කම්බි ගසා වෙන්කර දීමට ඉඩ දුන් අතර එයට විරෝධය දැක්වූ ගොවීන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට යැයි කියමින් පොලිසියට රැගෙන යාමට ද කටයුතු කර තිබිණි.

මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් හිරාන් ප්‍රියංකර ජයසිංහට ද රස්නාපුර පොලිසියේ නිලධාරින් සිටිය දී ම මන්ත්‍රී බෑණා සහ තවත් පුද්ගලයකු විසින් තර්ජනය කර කැමරා ආම්පන්නවලට ද හානි සිදුකර තිබිණි.

නිකවැරටයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ බෑණ කියන පුද්ගලයා “බණ්ඩාර” ලෙස ගම්වාසීන් හඳුන්වයි. ඔහු අප මාධ්‍යවේදියාට පවසා ඇත්තේ මේ ඉඩම තමන්ගේ ඉඩමක් බවයි.

නමුත් අප කළ සොයා බැලීමක දී එම ඉඩම රජයේ ඉඩමකි. ඔහුට ඉඩම පවරා දී නැත.

එම පුද්ගලයාගේ කුලී කරුවන්ට ඉඩම වට කරමින් කම්බි ගැසීමට සියලු පහසුකම් සපයන ලද්දේ රස්නාපුර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම විසිනි. කම්බි ගැසීම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ම මෙහෙයවන ලදී. එම අවස්ථාවේ එතැන සිටි නිලධාරියකු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිලධාරියකු ලෙසිනි.

මගුරන්කඩවල කුඹුරු යාය නමින් හැඳින්වෙන මෙම ඉඩම ප්‍රදේශයේ ගොවි ජනතාව වසර 20කට වඩා වැඩි කාලයක් අස්වද්දන ලද කුඹුරු යායකි. එය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂම යටතේ ඇති එල්ආර්සී ඉඩමක් වුව ද ඔවුන්ට එහි වගා කීරීමට කිසිදු බාධාවක් තිබුණේ නැත.

නිකවැරටිය හිටපු මන්ත්‍රීවරයකුගේ බෑණාට අයිති විශාල ඉඩමක් මෙම කුඹුරු යායට මායිම්ව පිහිටය. ඔහු වසර ගණනාවක සිට මෙම කුඹුරුයාය තමන්ට ලබාදෙන ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර තිබුණ ද ඒ සඳහා අවසර ලැබී තිබුණේ නැත.

එසේ තිබිය දී සෙනසුරාදා (18) රස්නායකපුර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තම ජීප් රථයෙන් ම එම ස්ථානයට ගෙනවිත් ඔහු කුලී කරුවන් යොදා පොලිස් බලය භාවිතා කරමින් ඉඩම අල්ලාගත්තේය. ඉන් පසු ට්‍රැක්‍ටර් යොදාගෙන සී සෑම ද ආරම්භ කළ අතර ඒ සඳහා ද පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ ආරක්ෂාව ලබා දුන්නේය.

මෙම ඉඩම බලහත්කාරයෙන් අල්ලාගැනීමට සූදානම් වෙද්දී පොලිසියත් ප්‍රදේශයේ ගොවීන් අතරත් උණුසුම් තත්වයක් ඇති වූ අතර පොලිසියේ රාජකාරියට ගොවීන් බාධා කළා යැයි ද අයුතු ජන රාශියක් සිදුකළා යැයි ද කියමින් ගොවීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසූ විට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විධායක අධ්‍යක්ෂ හරිස්ක සමරානායක කියා සිටියේ එල්ආර්සී ඉඩමක් කිසිම කෙනෙකුට අල්ලාගත නොහැකි බවයි. මෙම සිද්ධිය ගැන විශේෂයෙන් සොයා බලන බවත්, එම ඉඩම ගොවීන් වගාකර තිබුණේ නම් එය ගොවීන්ට හිමිවිය යුතු බැවින් ඒ සඳහා අදාළ නීතිමය කටයුතු සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!