spot_img

ඡන්දයක් නොතියා, පළාත් පාලන ආයතන බලය නිලධාරීන්ට

පුවත්

විදෙස්

සැළසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය නොපැවැත්වූ බැවින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හැර රට පුරා පළාත් පාන ආයතන 340ක නිල කාලය අවසන් වේ.

ඒ අනුව මහ නගර සභා 29 පාලනය කොමසාරිස්වරයා යටතටත්, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි පාලනය සභා ලේකම්වරුන් යටතටත් වෙයි.

2018 මාර්තු මස 29 වැනි දා සිට වසර 04ක කාලයක් සඳහා පළාත් පාලන ආයතන නිල කාලය  තිබුණ ද කොරෝනා වසංගතය හේතුවෙන් 2022 වර්ෂයේ දී පළාත් පාලන මැතිවරණය නොපවත්වා එහි නිල කාලය දීර්ඝ කෙරිණි.

පළාත් පාලන නීතිය අනුව අද (19) මධ්‍යම රාත්‍රියට පෙර මැතිවරණයක් පවත්වා නව සභිකයන් තෝරාගත යුතුව ඇතත් එය සිදුනොවූවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ කොමසාරිස්වරයකු යටතට බලය පැවරෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles