spot_img
spot_imgspot_img

රට යාමෙන් රටට වැඩක් ඇත්ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව 2022 වර්ෂයේ දී ශ්‍රී ලාංකිකයන් මිලියන 1.1කට වැඩි ප්‍රමාණ්‍යක් රට හැර ගොස් තිබේ. 2022 වර්ෂයේ දී විදේශ ගමන් බලපත්‍ර 911,757ක් නිකුත් කර ඇති බව  වාර්තා වේ.

මෙම තොරතුරු සඳහන් වෙන්නේ මහ බැංකුවේ විදේශ ප්‍රේෂණ පහසුකම් සැළසීමේ දෙපාර්තමේන්තුව (FRFD) නිකුත් කළ වර්තාවකය. විදේශගත වූ සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 1,127,758 දෙනෙකි. මෙලෙස විදේශගත වූ අය අතරින් රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ 27.6%ක ප්‍රමාණයකි. එය සංඛ්‍යාත්මක ව 311,269කි. මෙය 2021 වර්ෂයේ දී රැකියා සඳහා පිටත්ව ගිය 43.8%ක ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු අගයක් ගෙන ඇත.

එලෙස විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගෙන් මැදපෙරදිග රටවල් ගමනාන්තය කරගත් සංඛ්‍යා 84.7%කි. දකුණු ආසියාවේ රටවල් හැර ආසියානු රටවලට රැකියා සඳහා ගිය සංඛ්‍යාව 6.3%ක් වන අතර යුරෝපා සංගමයේ රටවල් වෙත රැකියා සඳහා පිටව ගිය ප්‍රමාණය 4%ක් වෙයි.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රමිකයන්ගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් අර්ධ පුහුණු ශ්‍රමිකයන් හෝ අඩු නිපුනතා ඇති ශ්‍රමිකයන් යන කාණ්ඩයට ඇතුළත් වෙයි. විදේශගතවන කාන්තාවන්ගෙන් අති බහුතරයක් අර්ධ නිපුණතා කාණ්ඩයට වර්ගීකරණය වී ඇති අතර පිරිමි ශ්‍රමිකයන්ගේ සහභාගීත්වය පුහුණු කාණ්ඩයට කේන්ද්‍රගත වී තිබේ.

FRFD වාර්තාව පෙන්වා දෙන්නේ 60%ක් ම පිරිමි පුද්ගලයන් වන අතර ඉන් වැඩිම ප්‍රමාණ්‍යක් වයස අවුරුදු 25-29 ත් අතරරේ පසුවන අතර එය ප්‍රතිශතයක් ලෙස20%ති. විදේශගත වූ කාන්තා ශ්‍රමිිකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 40-44ත් අතර පසුවන අතර ඔවුන් 20%ක ප්‍රමාණයකි.

මැදපෙරදිග ගමනාන්තය කරගත් පිරිම සහ කාන්තා ශ්‍රමිකයන් වැඩිම පිරිසක් සිය රැකියා ස්ථාන ලෙස තෝරාගෙන ඇත්තේ කුවේට් සහ කටාර් යන රාජ්‍යයන් දෙකයි. එම රටවල් වෙත ගිය ශ්‍රී ලාංකික ශමිකයන්ගෙන් කුවේට් දේශයේ සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 139.7ක් 2022 වර්ෂයේ මෙරටට ලැබී ඇති අතර කටාර් දේශයෙන් ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 131.9ක් ලෙ FRFD වාර්තාව පෙන්වා දෙයි.

FRFD වාර්තාව අනුව පෙනී යන්නේ වැඩිම ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත්තේ අධ්‍යාපන කටයුතු සඳහා යැයි පවසමින් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!