spot_img
spot_imgspot_img

ඡන්දය නොතියන බව, කැලෑ සත්තු ස්ථිර කරති

පුවත්

විදෙස්

ඉන්දීය ලේඛක රාමේන්ද්‍ර කුමාරු විසිනි.

වින්ධ්‍යා කඳු පාමුල උට්සාවි නමින් වනාන්තරයක් විය. රාජන් නමැතී සිංහයෙක් එම කැලෑව පාලනය කළේය. ධෛර්යය, කරුණාවන්තකම, ගරුත්වය යහපත්කම් ආදි ගුණයග වලින් යුතුව, වසර ගණනාවක් ම කැලෑව පාලනය කළේය. කෙසේ වෙනත් පසුගිය වසර කීපය තුළ හේ වෙහෙසට පත්වීය. වයසත්, දුර්වල සෞඛ්‍ය තත්ත්වයත් නිසා ටිශ්‍රාම ගැනීම ගැන සිතා බලන්නට ඔහුට සිදු විය. එහෙත් එක් ගැටලුවක් ඇත. රාජන් තනිකඩ ජීවිතයක් ගත කළ බැවිත් ඔහුගෙන් පසු රජකමට උරුමකාරයෙක් නොවීය. දන් මතු වී ඇති ප්‍රශ්නය වුයේ සිංහයාගේ තතතුර බාරගන්නේ කව්ද යන්නයි. උට්සාවි කැලේ රජකම් බාරගන්නේ කවුද? රාජන් මෙම ගැටලුව නම් උපදේශ මණ්ඩලය වෙත යොමු කළේය.

“ඔබ කෙනෙකුන්ව ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි ?” උල්ලූ නම් වවුලා යෝජනා කළේය.

ඒත් කැලෑවේ සත්තු එ්ක පිළිගනීවිද? ලාම්බු නම් ජිරාෆ් ප්‍රශ්න කළේය.

“නැහැ. මම හිතන්නෙ නැහැ ඒක පිළිගනීවි කියලා. මම යෝජනා කරනවා උට්සාවිවල මැතිවරණයක් තියමු.”ටෝටා නම් ගිරවා යෝජනා කළේය.

 “මැතිවරණයක් මාකක්ද ඒ ?” සියල්ලෝම ප්‍රශ්න කළහ.

මට මස්සිනා කෙනෙක් ඉන්නවා නගරයේ ජීවත්වන. ඔහු මට කිව්වා දත් නගරවල රජවරු හෝ රැජිනවල් නැහැ. ඒ වෙනුවට ඉන්නෙ මිනිස්සු විසින් තෝරාපත් කරගනු ලැබූ නායකයෙක්.”

‘ඒක් ටෝටා මට තාමත් හරියට තේරෙන්නෙ නැහැ. ඔබ සඳහන් කළා මැතිවරණයක් පැවැත්වීම ගැත.”

“මම පැහැදිලි කරන්නම්, මිනිස්සු තමන් අතරම විවිධ පක්ෂ ඇති කරගන්නවා. හැම පක්ෂයෙන්ම එක නියෝජිතයෙක් තෝරා ගන්නවා. පක්ෂවලින් තෝරාගන්නා නියෝජිතයින් එහෙමත් නැතිනම් අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. වයස අවුරුදු දහඅටට වැඩි හැම කෙනෙකුටම ඡන්ද දායකයො කියල කියනවා. සෑම පුද්ගලයෙකුට ම එක ඡන්දයක් හිමි වෙනවා. මහුට පුළුවන් තමන් කැමති අපේක්ෂකයාට ඡන්දෙ දෙන්න. ඒක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා නමයි නායකයා ලෙස තේරී පත්වේන්නෙ. මේ ක්‍රමයට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලයි. දත් අපි අනුගමනය කරන ක්‍රමයට කියන්නෙ රාජාණ්ඩු ක්‍රමය කියලයි. පුජාතන්ත්‍රවාදය කියන එක් අද ඉතාමත් ජනප්‍රියයි. රාජාණ්ඩු ක්‍රමක්‍රමයෙන් නැතිවෙලා යනවා.

“මං හිතනවා මේක හොඳ අදහසක්. අපි උට්සාවිවලත් මැතිවරණයක් නියමු” ලාම්බු හඬ නගා කෑගැසුවේය.

“ඔව් මාත් එකඟයි.” උල්ලූ පැවසුවේය.

“හොදයි එහෙනම් ටෝටා, ලාමිබු මේ කැලෑවේ අයට ප්‍රජාතන්ත්‍රවාදය ගැන අධ්‍යාපනය ලබාදීම ඔබට බාරයි. ඒ වගේම මැතිවරණ පැවැත්වීමේ වගකීමත් ඔබට පැවරෙනව”

මැතිවරණ උණුසුම මුළු කැලෑව පුරාම දැඩි ලෙස පැතිර ගියේය. අලුත් පක්ෂ දෙකක් ආරමිභ විය. සිව්පා සත්තු වෙනුවෙන් පශු දාල් සහ කුරුල්ලන් වෙනුවෙන් පක්ෂි දාල් වශයෙනි. සිව්පාවුන්ගේ විශාලම සත්වයා වූ බහීමා අලියා පශු දාල් පක්ෂයේ නායකයා විය. ශාන්ති නම් පරෙවියා පක්ෂීන්ගේ නායකයා විය. සිව්පාවුන් කුරුල්ලන්ට වඩා වැඩි බැවින් බහිමාට පහසු ජයක් අන්වන බව පෙනෙන්නට තිබිණ.

ශාන්තිගේ පක්ෂයේ ආධාරකරුවෝ මේ සඳහා උපක්‍රමයක් කල්පනා කළහ. හදිසියේම උල්ලු වවුලා කතා කළේය. “මම හිත්නවා. ශාන්තිගේ ජයග්‍රහණය සහතික කරත්න නම් සිව්පාවුන්ගෙ ඡන්ද කඩන්න ඕනෙ”

“ඡන්ද කඩන්න? ඒ කොහොමද කරන්නෙ?” රශිලා නම් මොණරා පුදුමය පල කළේය.

“මැතිවරණ ක්‍රමය ගැන ටෝටා කිව්වට පස්සෙ මම විශාල නගරෙ ඉත්ත මගේ සහෝදරිය හමුවෙන්න ගියා. එහෙදි මම මිනිස්සු කරන උපක්‍රම කීපයක් ඉගෙන ගත්තා. මගෙ අදහස අපි සිව්පාවුන් අතරට ගිහිල්ලා තවත් කෙනෙක්ව තරග කරන්න පොළොඹවා ගන්න ඕනෙ. එහෙම කළොත් මට විශ්වාසයි සිව්පාවුන්ගෙ ඡන්ද දෙකට බෙදෙනවා.  බෞදෙනයි. එතකොට අපට දිනන්න පුලුවන්”

“ඒක කොහොමද කරන්නේ කියලා පැහැදිලි කරන්න.” රන්ශිලා විමසුවේය.

“ඒකට මට ඉඩ දෙන්න” එසේ පැවස උල්ලු වවුලා තමන්ගේ රාජකාරිය සඳහා පිටත්ව ගියේය.

වවුලා කෙලින්ම ගියේ උට්සාවිවල සිටින වේගයෙන් දිවීමට හැකි සතා ලෙස සැළකෙන ටෙස් නමැති කොටියා හමුවීමටයි.

“ටෙස්, මම හිතනවා බහිමා අලියාව සිව්පාවුන්ගෙ නායුකයා ලෙස තෝරා ගැනීම ඔබ අතින් වූ වරදක්”

“ඇයි? එයාට වැඩ කරන්න හැකියාව තියෙනවා අනික එයා තමයි කැලේ ශක්තිමත් සතා”

“මම ඒක නැහැයි කියන්නෙ නැහැ. එත් මං හිතන්නෙ එයාව බලයට පත් කළොත් එයා තමන්ගෙ කට්ටිය ගැන විතරයි වැඩි සැලකිල්ලක් දක්වන්නේ.”

“තමන්ගෙ කට්ටිය කියල ඔබ අදහස් කරන්නෙ මොකක්ද? සියලුම සත්තු අපේ කට්ටියනෙ”

“එයාගෙ කට්ටිය කියලා මම අදහස් කළේ කොළ අතු කාල ජීවත් වන සත්තු ගැන. ඔබයි තවත් කොටසකුයි ඉන්නවා මස් විතරක් කාල ජීවත් වෙන.

“කුරුල්ලො සිව්පාවුන්ගෙන් වනවා වගෙ කොල අතු බුදින සත්තුත් ඔබ වැනි මස් බුදින සත්තුත් අතර විශාල වෙනසක් පවතිනවා. බහිමාව තෝරා ගත්තොත් එයා තමන්ගේ ශක්තිය සහ යොදවන්නෙ අතු කාල ජීවත්වෙන සත්වයන්ගේ යහපතට ඔබත් ඔබගේ වර්ගයේ අයත් සම්පූර්ණයෙන්ම අතපසු කරනවා.”

“එතකොට මම මොකද කරන්නේ ?”

“ඇයි ඔබ තර කරන්නේ නැත්තේ. කොහොම වුණත් ඔබ ජව සම්පන්න රාජකීය ගති ඇති කෙනෙක්. හුඟක් සත්තු කැමතියි මෙින් යන කඳු ගැටයකට ඡන්දෙ දෙනවට වවඩා ඔබට ඡන්දේ දෙන්න.”

“ඒත් ඔබ හිතනව ද මම දිනයි කියලා ?”

“සීයට සීයක් ම මම කුරුල්ලන්ටත් කියන්නම්. ඔබට ඡන්දෙ දෙන්න කියල මම ඒ අයට කියන්නම් කොහොමටත් ශාන්ති පරදිනවා කියල. ඒක නිසා ටෙස්ට ඡන්දෙ දීලා එයාගේ හොඳ හිත දිනා ගන්න කියලා. මට විශ්වාසයි ඒ අය මට කන්දීලා ඔබේ ජයග්‍රහණය සහතික කරයි කියලා.”

ඒ අයුරින් උල්ලු කොටියාව තරඟ කිරීමට පොළඹවා ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ පශු දාල් දෙකඩ වීමයි. පශු දාල් (බහිමා) සහ පශු දාල් ටෙස්) යනුවෙන් පක්ෂය දෙකඩ විය.

මැතිවරණ දිනය ළඟාවන විට ප්‍රචාරක කටයුතු වේගවත් විය. සත්තු අතර බෙදීම ඇති වීමත් සමඟම තරගය තියුණු විය. විවිධ පක්ෂවල නියෝජිතයෝ ගම් නියම්ගම් නගර වලට ගොස් මිනිසුන් විසින් කරනු ලබන උපක්‍රම පිළිබඳව අධ්‍යයනය කළහ. ඔවුහු උපක්‍රම කීපයක් ඉගෙන ගෙන විත් ඒවා උට්සාවි කැලෑවේ දී ක්‍රියාවට නැංවූහ.  ලෝකයේ ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ ව්‍යාපාරයකදී සිදුවන සියලු දේ මෙහිදීත් සිද්ධවීම ඉක්මනින්ම ආරම්භ විය. බහීමා විසින් ටෙස්ව හඳුන්වනු ලැබුවේ රාජද්‍රෝහියෙකු ලෙසිනි. ටෙස් ප්‍රකාශ කළේ බහිමා කපටියකු බවයි. කුරුල්ලන් ච උපක්‍රම පාවිච්චි කරන බව සිව්පාවෝ පැපසූහ. සිව්පාවුන් දූෂිත, සදාචාර විරෝප කටයුතු වල නිරතව වන බව කුරුල්ලෝ පැවසූහ. අපහාස කිරීම සහ අසභ්‍ය වචන දිගටම හුවමාරු විය. වචන හුවමාරු ක්‍රමයෙන් හිංසාකාරී සිද්ධීන් වලට පරිවර්තනය විය. කලකට පෙර සාමය පිළිබඳව කීර්තියක් දරු උට්සාවි කැලෑව යුද පිටියක් සෑම තැනම ලේ ගැලීම් සිදුවිය. බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. සමහරෙක් මිය ගියහ.

අන්තිමේ දී රාජන්ට මෙය දරාගත නොහැකිවිය. මැතිවරණ පෙර සියලුම වන සතුන් කැඳවූවේය

“ මිත්‍රවරුනි, රජතුමා පැවසූවේය. අද මම ඉතාම කනස්සල්ලට පත් හිත රිදුණු කෙනෙක්. ටෝටා මට මිනිස්සු අතර ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදය කියන ක්‍රමය ගැන කිව්වහම මම හුඟක් සතුටු වුණා. සියල්ලන්ගේම යහපතට ක්‍රමය හඳුන්වා දෙන්න. මම කල්පනා කළා. ඒත් දන්නේ කොහොමද ක්‍රමය අපට ශාපයක් වෙයි කියලා. කැලෑවේ සතුටයි සාමයයි නැතිවෙලා යන ක්‍රමයක් බව එකිනෙකාට මිත්‍රත්වය ආදරය දක්වන ස්ථානයක් හැටියටයි උට්සාවි කැලෑව හැම විටම ප්‍රසිද්ධව තිබුණේ. අපේ කැලේ තිබෙන සතුටයි යයි ප්‍රශංසා කරන්න අනිත් කැලෑවල සත්තු එන්න පුරුදු වෙලා එත් හදිසියේම සියල්ල වෙනස් වෙලා. අපි මිනිස්සුන්ටත් වඩා තිරිසන් වෙලා. බලයටයි කීර්තියටයි ලෝභවෙලා එකිනෙකාව කෑලි වලට ඉරාගන්න හදනවා. අපි හැමවිටම උට්සාවි කැලෑව මිනිස්සුන්ට වඩා යහපත් තැන්ක කරන්නයි උත්සාහ කළේ.  ඒත් පසුගිය දින කීපය තුල මෙහි ඇති වූ සිදුවීම් මගේ අදහස වෙනස් කලා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මේක නම් අපට මේක කොහෙත්ම ඕනෙ නෑ. ඒ මේ   රාක්ෂයා හඳුන්වාදීම ගැන මම වගකිව යුතු නිසා  මට කියන්න තියෙන්නෙ එසේ කිරීම ගැන මම ලැජ්ජා වෙන බවයි.

රජතුමා අසුන් ගත්තේය. ඔහුගේ ඇස් කඳුළින් බරවී ඇත.

ටෝටා නැගිට කතාව ඇරඹුවේය.

“රජතුමා පැවසූ අදහසට මමත් එකඟ වෙනවා. ඒත් මම ඒ අන්දමට ප්‍රජාතන්ත්‍රවාදය හෙලා දකින්නෙ නැහැ. ඒක ක්‍රමයක් වශයෙන් වැඩි දෙනෙකුගේ කැමැත්ත අනුව වැඩි දෙනෙකුගේ යහපතට ඇති කරගත්තු දෙයක්. කොහොම වුනත් ක්‍රමය ක්‍රියාත්මක කරද්දි බොහොම වෙනස්කම් සිද්ධවුණා. අපි මේ ක්‍රමය කැලෑවේ ක්‍රියාත්මක කොට මිනිස්සු ක්‍රියාත්මක කරන විදියට කරන්න ඉටා ගන්න තිබුණා. මිනිස්සු හැම විටම වැරදිමයි අපිත් කරන්නෙ. බලයට කෑදර අයට අනිත් සියලුම සතුන් පාලනය කරන්න දුන්නා නම් එහි අවසානය? ඉතාම වැදගත් යෝජනාවක් මට තියෙනවා රජතුමා අවසර දෙනවා මම අපේක්ෂකයන් තුන්දෙනා අතර සාකච්ඡාවක් පවත්වලා විසඳුමක් දෙන්නම්.”

රජතුමා හිස සලා අනුමැතිය දුන්නේය. බහීමා, ටෙස් සහ ශාන්ති පසෙකට කැඳවා ටෝටා ඔවුන් සමග සාකච්ඡා ඇරඹුවේය.

මිනිත්තු දහයකට පසු ටෝටා රැස්ව සිටින පිරස ඇමතුවේය.

“මිත්‍රවරුනි, මම අපේක්ෂකයන් තුන්දෙනා සමග සාකච්ඡා කළා.  තුන්දෙනාම යෝජනාවට කැමතියි. අපි මැතිවරණයක් නොපවත්වමු. ඒ වෙනුවට එක් නායකයෙක් වෙනුවට නායකයන් තුන්දෙනෙකුගේ කණ්ඩායමක් පත් කරමු. තුන්දෙනාම උට්සාවි කැලෑව පාලනය කරාවි. හැම තීරණයක්ම තුන්දෙනා ම එක්ව ගනිවී. කණ්ඩායමක් වශයෙන් ගන්න තීරණ අලියෙකුගෙ වගේ ශක්තිමත්, කොටියෙකුගෙ වගෙ වේගවත්. පරෙවියකුගෙ වගෙ විශ්වාසවත් මිත්‍රවරුනි, ප්‍රජාතන්ත්‍රවාදයට ජය පතමු. කණ්ඩායමක් වශයෙන් ගන්නා තීරණවලට ජය පතමු.”

මුළු කැලෑවේම සත්තු අත් පුඩි තලමින් ප්‍රීති ඝෝෂා නගන්නට වූහ. අපේක්ෂකයන් තිදෙනා එකිනෙකා වැළඳ ගැනීමෙන් අනතුරුව රජතුමාගේ දෙපා සිපගත්හ. රජතුමා කඳුළු පිරි දෙනෙතින් ඔවුනට සුබ පැතුවේය.

සිංහල අනුවාදය – බොබි ජී. බොතේජු විසිනි

වෘත්තීය සිවීල් ඉංජිනේරුවකු වන රාමේන්ද්‍ර කුමාර් පාසල් වියේ සිට ම කෙටි කතා පද්‍ය සහ ළමා කතා ලිවීමෙහි නිරත විය. ඔහුගේ කෙටි කතා ඉන්දියාවේ ප්‍රධාන පුවත්පපත්වල පල වී ඇත. ඔහුගේ සමහර නිර්මාණ තෙලිඟු ‌බෙංගාලි, ඔරියා, මරාති, මලයාලම්, හින්දි සහ ඉංග්‍රීස භාෂාවලට පරිවර්තනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!