spot_img
spot_imgspot_img

“දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා, සංඛ්‍යා දැනුම 7%යි” කොරෝනා කළ විනාශය හෙළිකරයි

පුවත්

විදෙස්

පසුගිය කොරෝනා වසංගත කාලයේ පාසල් වසා තැබීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන තත්වය දැඩි පසුබෑමකට ලක්ව ඇතැයි අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ.

මෙම සමීක්ෂණය සිදුකර ඇත්ත‍ේ තුන්වැනි ශ්‍රේණියේ දරුවන් ආශ්‍රිතවය. එම වාර්තාවේ දැක්වෙන්නේ සමීක්සණයට අනුව එම දරුවන්ගෙන් 90%ක පිරිසකට ප්‍රමාණවත් සාක්ෂරතාවක් සහ අංක පිළිබඳ දැනුමක් නොමැති බවයි.

කොරෝනා වසංගත කාලයේ නිසි පරිදි පාසල් පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් දරුවන්ට  සිදුවූ බලපෑම අධ්‍යයනය කිරීම සඳහා මෙම සමීක්ෂණය කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය විසිනි. එම සමීක්ෂණය 2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි මාසය දක්වා සිදුකර ඇත. ඒ සඳහා රට පුරා සෑම පලාත්කම් ආවරණය වන පරිදි පාසල් 1,009ක තුන්වැනි ශ්‍රේණියේ සිසු සිසුවියන් 10,000ක් යොදාගෙන ඇත.

එහි දී එම දරුවන්ගේ සවන් දීම, කථන හැකියාව, කියවීම, ලිවීම, සංඛ්‍යා හා මූලික ගණිත දැනුම ඇතුළු අංශ කිහිපයක් පිළිබඳ සැළකිලිමත් වී ඇත. සමීක්ෂණයෙන් හෙළිදරව් වී ඇත්තේ දරුවන්ගෙන් 90%කට පමණ ප්‍රමාණවත් සාක්ෂරතාවක් හෝ අංක පිළිබඳ දැනුමක් ‍නොමැති බවයි. සංගණනය සඳහා සහභාගී වූ දරුවන්ගෙන් සවන්දීමේ කුසලතාව සාක්ෂාත් කරගෙන තිබුණේ 27%ක පිරිසකි.

කථන හැකියාවව වර්ධනය කරගෙන තිබූ පිරිස 20%ක් බව ද අනාවරණය වෙයි. කියවීමේ හැකියාව 37%ක් බවත්, ලිවීමේ කුසලතාව 34%ක් බවත් මෙම සමීක්ෂණයෙන් තහවරු වී ඇත. දරුවන්ගේ සංඛ්‍යා දැනුම පරීක්ෂා කිරීමේදී එය ප්‍රමාණවත් තරම් ලබා තිබුණේ 7%ක් තරම් සුළු පිරිසකි.  

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ, පාසල් වසා දමා තිබූ කාලසීමාව තුළ දරුවන්ගෙන් 26%කට  ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සඳහා ප්‍රවේශයක් නොතිබූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!