spot_img
spot_imgspot_img

ගවයන් නිදැල්ලේ යැවීමෙන්, ජීවිතයක් අහිමි වෙයි

පුවත්

විදෙස්

කතරගම තිස්සමහාරාම මාර්ගයේ‍, කොහොඹගහපැලැස්සේ දී නිදැල්ලේ ගිය මී ගවයකුගේ සිරුරේ ගැටුණු ත්‍රී රෝද රථයක් බස් රථයක ද ගැටීමන් එම රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අසේල ඉන්ද්‍රජිත් නමැති 47 හැවිරිදි දෙදරු පිියෙකි. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රී රෝද රථයේ කිරි හට්ටි ප්‍රවාහනය කරමින් තිබී ඇත. අනතුරට පත්වූ ත්‍රී රෝද රථයත්, අනතුරට හේතු වූ මී ගවයාත් මියගිය පුද්ගලයාගේ යැයි ද අනාවරණය වී තිබේ.

අනතුරට ලක් වූ බස් රථයේ රියදුරා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. අනතුර අසළ ඇති වෙළෙඳ ඇති සීසීටීවී කැමරාවක සටහන්ව තිබිණි.

ගවයන් මහ මඟ නිදැල්ලේ යැවීම දඩුවම් ලැබිය හැකි වරදකි. එලෙස නිදැල්ලේ යන ගවයන් අල්ලා හිමිකරුවන්ට නඩු දඩ ගැසීම පළාත් පාලන ආයතනවල කාර්යයක් වුව ද තිස්සමහාරාම හා කතරගම ප්‍රදේශවල නිදැල්ලේ මහ මඟ ගමන් කරන ගවයන් සහ මී ගවයන් අති විශාල ප්‍රමාණයක් සිටිති. නමුත් නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. මෙලෙස නිදැල්ලේ හැසිරෙන ගවයන් සහ බල්ලන්, පූසන් හේතුවෙන් එම ප්‍රදේශවල සිදුවන අනතුරු සංඛ්‍යාව ද ඉහළ අගයක් ගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!